යොහානිට වශී වූ මෝදී - අලුතින්ම කරන වැඩේ මෙන්න..(VIDEO)

Yogi Yohani Manike Mage Hithe Narendra modhi
By Sewvandhi Jan 17, 2022 01:53 PM GMT
Sewvandhi

Sewvandhi

Report

යොවුන් ගායන ශිල්පිනී යොහානි ද සිල්වා ගායනා කරන “මැණිකේ මගේ හිතේ” ගීතය මේ වනවිට ඉන්දියාවේ දේශපාලන වේදිකාව තුළ ද ජනප්‍රිය ගීතයක් බවට පත්ව තිබෙනවා.

ඒ ඉන්දියාවේ පාලක පක්ෂය වන, භාරතීය ජනතා පක්ෂය (BJP) විසින් උත්තර් ප්‍රදේශ් මැතිවරණයේ දී සිය තේමා ගීතය ලෙස “මැණිකේ මගේ හිතේ” ගීතය භාවිත කිරීමත් සමඟයි. “

මැණිකේ මගේ හිතේ” සංගීතය මුල් කරගනිමින් එහි තනුවට සකසන ලද හින්දි පද රචනයක් එක්කරමින් ඔවුන් නව ගීතයක් නිර්මාණය කර ඇති අතර, මේ වනවිටත් එයට පක්ෂ විපක්ෂ පිරිස් දැඩි කැමැත්තක් දක්වන බවටයි ඉන්දීය මාධ්‍ය වාර්තාකර තිබුණේ.

මෙම මැතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කළ යුත්තේ අගමැති නරේන්ද්‍ර මෝදි සහ මහ ඇමති යෝගිටයි, යන පණිවුඩය ඡන්දදායකයින් වෙත යොමු කිරීම සදහා ඉතා ආකර්ශනීය ලෙස මෙම ගීතය යොදාගන්නා බවයි එරට මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කර තිබුණේ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now