මට මුලින්ම කෙල්ලෙක්ට හිත ගියේ 4 වසරේදී, එයා පන්තියට එනකම් ඉදලා මම හෙමීට අතින් ඇල්ලුවා-යෂ් වීරසිංහ (PHOTOS)

Sri Lanka Gossip Today
By Sithumi Jan 05, 2023 01:58 PM GMT
Sithumi

Sithumi

Report

මේ දිනවල පුංචි තිරය ඔස්සේ අතිශය ප්‍රේක්ෂක ආදරයක් මද්‍යයේ විකාශනය වන කියාදෙන්න ආදරේ තරම් ටෙලිනාට්‍යයේ ‘අනා’ගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම කඩවසම් රංගන ශිල්පියෙක් තමයි යෂ් වීරසිංහ කියලා කියන්නේ. 

 ඉතින් ඔහු පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා බොහෝ දෙනෙක් නොදන්නා කරුණු කිහිපයක් ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් මේ දවස්වල අනාට ලැබෙන ප්‍රතිචාර සෑහෙන ඉහළයි කියලයි ඔහු කියන්නේ. ඒ නිසාම කොහේ ගියත් ඒ ප්‍රතිචාරවල නම් අඩුවක් නැහැලු. 

කොහොම නමුත් අද වෙද්දී යෂ් කියන්නේ නිරන්තරයෙන්ම නිර්මාණ තුලින් දැකගන්න ලැබෙන රංගන ශිල්පියෙක් වුනත් ඔහු මුලින්ම රඟපාලා තිබෙන්නේ නම් ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කරපු ‘පාරා වළලු’ කියන ටෙලි නාට්‍යයට. හැබැයි යෂ් කියන විදිහට ඒ ටෙලිනාට්‍යයේ ඔහු රඟපාපු චරිතයට නමක්වත් තිබිලා නැහැ. 

 ඒ තරමටම ඒක බොහෝම සුළු චරිතයක්. හැබැයි ඒ ටෙලිනාට්‍යයේ ඔහුගේ කොටස රෑපවාහිනියෙන් විකාශනය වෙද්දී නම් යෂ් ගෙදර හැමෝම රෑපවාහිනිය ඉදිරියේ වාඩි කරවගෙන තමයි බලලා තියෙන්නේ. කොහොම නමුත් අද වෙද්දී නම් ඔහු රඟපාපු ටෙලිනාට්‍යයක් රෑපවාහිනියෙන් බලන්න යෂ්ට වෙලාවක් නැති වෙලා තියෙනවා. 

   ඉතින් ඒ වගේම යෂ් කියන විදිහට පාසැල් කාලයේ නසරානි වැඩම තමයි ඒ ඔහු කරලා තියෙන්නේ. ඉතින් පාසැල් ජීවිතේ මාරම ජීවිතයක් කියලත් ඔහු කියනවා. ඒ කාලේ ක්‍රිකට් ගැහුවා, කෙල්ලෝ පස්සේ ගියා, පන්ති කට් කළා වගේ දේවල් නිසා ඒක පුදුම අත්දැකීමක් කියලයි ඔහු කියන්නේ. ඉතින් අද කාලේ ඉන්න ළමයින්ට වඩා ඒ කාලේ හරි සුන්දර පාසල් ජීවිතයක් ගෙව්වා කියලත් ඔහු කියනවා. ඒ වගේම අද බොහෝ දරුවන් සතුට කියලා අනවශ්‍ය දේවල් බදා ගනිද්දී ඒ කාලේ ඔහු හරි අපූරු සතුටක් පාසැල් ජීවිතේදී වින්දා කියලයි යෂ් නම් කියන්නේ. ඒ වගේම මුලින්ම ඔහුගේ හිත ගැහැනු ළමයෙක්ට ගියේ හතර වසරේදියි කියලත් ඔහු කියනවා.  

හැබැයි ඒක ආදරයක්ද කියලා ඔහු දන්නෙ නැහැලු. ඉතින් ඒ ගෑනු ළමයත් ඔහුගේ වයසේ ඔහුගේ පන්තියේ හිටපු නිසා ඇය පන්තියට එනකම් බලාගෙන හිටියා කියලත් ඔහු කියනවා. ඒ වගේම යෂ් ඇයත් එක්ක කතා කරන්න ආසා කළා වගේම හෙමීට ඇයගේ අතින් අල්ලලා තියෙනවා කියලයි ඔහු කියන්නේ. ඉතින් ඒක ආදරය වෙන්න ඇති කියලයි ඔහු අවසාන වශයෙන් පවසලා තිබුනේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery