මුළු යාල වනයම කැලඹේ - දඩයම්කරුවන් සහ වනජීවී නිලධාරීන් අතර වෙඩි හුවමාරුවක් පිරිසක් රෝහලට

Report

යාල ජාතික වනෝද්‍යානය තුළ සිදුකළ විශේෂ මෙහෙයුමකදී දඩයම්කරුවන් පිරිසක් සහ වනජීවී නිලධාරීන් අතර වෙඩි හුවමාරුවක් සිදුව තිබේ.

තණමල්විල යාල වනෝද්‍යාන මූලස්ථාන කාර්යාලයට අනුයුක්ත වනජීවී නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (11) වනෝද්‍යානය තුළ රක්ෂිතයේ සිදුකළ පරික්ෂාවකදී සතුන් දඩයම් කරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට උත්සාහ කර ඇත.

සියලුම ගුරුවරුන්ට සුභ පණිවිඩයක් - ගුරු සේවය වෙනුවෙන් රජයෙන් කරන්න යන දේ මෙන්න

සියලුම ගුරුවරුන්ට සුභ පණිවිඩයක් - ගුරු සේවය වෙනුවෙන් රජයෙන් කරන්න යන දේ මෙන්න

එහිදී දඩයම්කරුවන් විසින් වනජීවී නිලධාරීන්ට වෙඩි තබා ඇති අතර, ඊට ප්‍රතිචාර වශයෙන් නිලධාරීන් ද ආත්මාරක්ෂාව උදෙසා ආපසු වෙඩි තබා තිබේ.

මෙම වෙඩි හුවමාරුව අතරතුර සැකකරුවන් දෙදෙනෙකු පලාගොස් ඇති අතර, තිස්සමහාරාම ඇල්ලගල වම් ඉවුර ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකු වනජීවී නිලධාරීන් විසින් එම ස්ථානයේදීම අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී මුවන් දෙදෙනෙකුගේ මස් කිලෝග්‍රෑම් 41 ක් සහ මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් (02) සොයාගෙන තිබේ.

අදාළ සැකකරු තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අගෝස්තු 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

මේ අතර, පලාගිය සැකකරුවන් පිළිබඳ විමර්ශන ක්‍රියාත්මක වන අතරතුර, ලුණුගම්වෙහෙර ජලාශයේ ඉහළ කොටසේදී වනජීවී නිලධාරීන්ගේ වෙඩි වැදීමෙන් තුවාල ලැබූ බව පවසමින් පුද්ගලයෙකු දෙබරවැව මූලික රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබන බවට ලුණුගම්වෙහෙර පොලීසියට තොරතුරු ලැබී තිබේ.

වහාම ක්‍රියාත්මක වන පරිදි දිවයින පුරා රාජ්‍ය ආයතන 23ක් ස්ථාපිත කෙරේ

වහාම ක්‍රියාත්මක වන පරිදි දිවයින පුරා රාජ්‍ය ආයතන 23ක් ස්ථාපිත කෙරේ

මෙලෙස තුවාල ලබා ඇත්තේ තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි ගව පාලකයෙකි. ඔහුගේ පිට ප්‍රදේශයට සහ උරහිසට පහළින් තුවාල සිදුව ඇති නමුත් තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් ලුණුගම්වෙහෙර පොලීසිය සහ වනජීවී නිලධාරීන් එක්ව පලාගිය අනෙක් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.