දින 06ක් තුළ යාලෙන් රටටම සුබ පණිවුඩයක් ලැබෙයි..සිදුවූ වාර්තාගත දේ මෙන්න..

Sri Lanka
By Aruna Jan 04, 2023 08:06 AM GMT
Aruna

Aruna

Report

ඉකුත් දින දහයේ දී යාල ජාතික වනෝද්‍යානය නැරඹීම සඳහා දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසක් පැමිණීමත් සමග එම දින දහයේ දී පමණක් රුපියල් හයකෝටි තිස්හය ලක්‍ෂ විසිනවදහස් හත්සිය දාහතක් ඉක්මවූ වාර්තාගත ආදායමක් ලබා තිබෙනවා.

මෙම දින දහයෙන් වැඩිම ආදායමක් ලබා ඇත්තේ පෙරේදා (02 වැනිදා) දිනයේදී බවයි පැවසෙන්නේ.

එදින ලබා තිබෙන ආදායම පමණක් එක්කෝටි දොළොස්ලක්‍ෂ හැටහතර දහස් එකසිය හැත්තෑනවයකි.

එය වාර්තාගත ආදායමක් බව වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා පවසයි.

පිළිවෙළින් ගත්කල ඉකුත් දින දහයේදී වනෝද්‍යානය ලබා තිබෙන ආදායම මෙලෙස ය.

දෙසැම්බර් 23 රුපියල් 3,940,487ක් ද, 24 දින 4,136,654ක් ද, 25 දින 4,298,032ක් ද, 26 දින 5,011,064 ක් ද, 27 දින 6,476,505ක් ද, 28 දින 8,190,277ක් ද, 29 දින 6,973,495 ක් ද, 30 දින 8,056,954ක් ද, 31 දින 5,282,070ක් ද වශයෙන් උපයා ඇත.

එමෙන්ම මෙම වසරේ ජනවාරි 01 වැනි දා උපයා ඇති ආදායම 4,708,450ක් ද ජනාවරි 02 වැනි 11,264,179.10ක් ද වශයෙන් මෙතෙක් ලද ඉහළම ආදායම යාල ජාතික වනෝද්‍යානයෙන් පමණක් උපයා තිබේ.

විදේශීය සංචාරකයන් විශාල පිරිසක් මේ වනවිට ශ්‍රී ලංකාවේ දකුණු පළාතට පැමිණ ඇති බවද ඉන් බහුතරයක් දිනපතා යාල වනෝද්‍යානයේ සතුන් නැරඹීම සඳහා පැමිණෙන බවද අධ්‍යක්‍ෂ ජනරාල්වරයා අමාත්‍ය මහින්ද අමරවීර මහතා මුණ ගැසී දැනුම් දී ඇත.

රටට අවශ්‍ය ඩොලර් ඉපැයීමේ වැඩපිළිවෙළක් ජාතික වනෝද්‍යාන ආශ්‍රිතව ඉදිරි දෙසතිය තුළ ආරම්භ කිරීමට ඊයේ (02)දා පැවැති සාකච්ඡාවේ දී තීරණය විය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now