නැවතුණු උඩරට දුම්රිය ගමන ගැන දුම්රිය දෙපාර්තමේන්තුවෙන් මගීන්ට විශේෂ නිවේදනයක් - අද හවසට යළි ඇරඹෙයි

Report

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ දුම්රිය මාර්ගයට පස් හා ගල් පෙරළීම නිසා ඇණහිට තිබු රඹුක්කන සිට පේරාදෙණිය දක්වා දුම්රිය ධාවනය අද (05) දින පස්වරුවේ යළි ආරම්භ කරන බවයි.

ඒ අනුව අද අලුයම කඩිගමුව හා ඉහළ කෝට්ටේ යන දුම්රිය ස්ථාන අතර ප්‍රදේශයේදී පේරාදෙණියේ සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබු දුම්රියක් මතට පස් කන්දක් හා ගල් කඩාවැටීමෙන් එම දුම්රිය පිලී පැනීමට ලක්ව තිබුණා.

කොළඹට රතු එළි - විහාරමහාදේවි උද්‍යානයට එන ජනතාවගේ ජීවිත අනතුරේ - බරපතළ අර්බුදයක්

කොළඹට රතු එළි - විහාරමහාදේවි උද්‍යානයට එන ජනතාවගේ ජීවිත අනතුරේ - බරපතළ අර්බුදයක්

එබැවින් රඹුක්කන සිට පේරාදෙණිය දක්වා දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගැනුණු අතර දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත්කිරීමේ කටයුතු මේ වන විට අවසන් අදියරට පැමිණ ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.

එනිසා අද පස්වරු 4. 35ට කොළඹ කොටුවේ සිට ගම්පොල බලා ධාවනය වන දුම්රිය හා පස්වරු 5. 15ට කොළඹ කොටුවේ සිට පේරාදෙණිය බලා ධාවනය වන දුම්රිය නියමිත වේලාවට ධාවනය කරවීමට සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව දන්වා සිටියි.

"පස් කණ්ඩියට වැදිලා කෝච්චිය විසික් වුණා" හිටිහැටියේම සීඝ්‍රගාමී දුම්රිය පීලි පනී

"පස් කණ්ඩියට වැදිලා කෝච්චිය විසික් වුණා" හිටිහැටියේම සීඝ්‍රගාමී දුම්රිය පීලි පනී

රන් සමනල ජෝඩුව වාගේ ගීතයත් එක්ක රන්ජාට තහනමක්.. ගෙව්වා මදිලු මැරෙනකම් ගෙවන්න වෙනවාලු - රන්ජන්ගේ සටහනට බුකිය කැළඹෙයි

රන් සමනල ජෝඩුව වාගේ ගීතයත් එක්ක රන්ජාට තහනමක්.. ගෙව්වා මදිලු මැරෙනකම් ගෙවන්න වෙනවාලු - රන්ජන්ගේ සටහනට බුකිය කැළඹෙයි