'කුඩු සළිඳුගේ' ගෝල 'පියුමා' ලබන 14 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට

Report

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ‘කුඩු සළිඳුගේ’ සගයෙකු බව කියන පියුම් හස්තික නොහොත් ‘පියුමා’ නැමැත්තා ලබන ඔක්තෝබර් 14 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (05) නියෝග කළේය.

අළුබෝමුල්ල, අරුක්ගොඩ පදිංචි හපුආරච්චිගේ දොන් පියුම් හස්තික නැමැති මෙම සැකකරු, ජාත්‍යන්තර පොලිසියේ රතු නිවේදනයකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් 2024 පෙබරවාරි 15 වන දින ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන එන ලදී.

මේ අය ගැන දන්නවනම් වහාම දැනුම්දෙන්න - සියලු තොරතුරු මෙන්න

මේ අය ගැන දන්නවනම් වහාම දැනුම්දෙන්න - සියලු තොරතුරු මෙන්න

ඩුබායි රාජ්‍යයේ සිට මෙරට ඝාතන කිහිපයක් මෙහෙයවීම, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ සිදුකිරීම සම්බන්ධයෙන් මොහුට චෝදනා එල්ල වී ඇත.

සූම් තාක්ෂණය ඔස්සේ සැකකරු අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර, සැකකරු සම්බන්ධයෙන් මෙතෙක් නීතිපති උපදෙස් ලැබී නැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

ලංකාවේ රන් මිල පහළට - අඩුවුණ රත්තරන් වල අද මිල මෙන්න

ලංකාවේ රන් මිල පහළට - අඩුවුණ රත්තරන් වල අද මිල මෙන්න

කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු ලබන 14 දක්වා නැවත රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.