ස්පාඤ්ඤය උඩුයටිකුරු කරමින් අගමැති හදිසි මැතිවරණයක් ප්‍රකාශයට පත් කරයි

Report

ස්පාඤ්ඤයේ නිවාස අර්බුදය විසඳීම අරමුණු කරගත් නීති සම්පාදනයන් මෑතකදී පරාජයට පත්වීමෙන් අනතුරුව, අගමැති පේද්‍රෝ සැන්චෙස් නොවැම්බර් 29 වන දින සඳහා පූර්ව මැතිවරණයක් කැඳවා ඇත.

කුලී වෙළඳපොලේ කුලී නිවැසියන් ආරක්ෂා කිරීමට රජය විසින් ඉදිරිපත් කරන ලද නියෝග නීති දෙකක් පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව සති අන්තයේ හදිසි මැතිවරණයක් පිළිබඳ සමපේක්ෂනය වර්ධනය වෙමින් පැවතුන අතර තියුණු කුලී වැඩිවීමක් දරාගත නොහැකි වීමෙන් පසු 87 හැවිරිදි කාන්තාවක් ඇගේ නිවසින් ඉවත් කිරීම රට පුරා විරෝධතා ඇති කිරීමට සමත් වූයේ නිවාස ප්‍රතිසංස්කරණ සඳහා පීඩනය වැඩි කරමින්.

ඒ අනුව අද දින රූපවාහිනී දේශනයකදී සැන්චෙස් පැවසුවේ රජයට "ජනතාවගේ සහයෝගය අලුත් කර පුළුල් කිරීමේ" අවශ්‍යතාවයක් ඇති බවයි.

කොළඹට රතු එළි - විහාරමහාදේවි උද්‍යානයට එන ජනතාවගේ ජීවිත අනතුරේ - බරපතළ අර්බුදයක්

කොළඹට රතු එළි - විහාරමහාදේවි උද්‍යානයට එන ජනතාවගේ ජීවිත අනතුරේ - බරපතළ අර්බුදයක්

එමෙන්ම ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යාමට නම්, "අපට ජනතාවගේ සහයෝගය අවශ්‍යයි" සහ "ප්‍රභූන්ගේ ප්‍රතිරෝධය ජය ගත හැකි" "පුළුල් ප්‍රගතිශීලී බහුතරයක්" අවශ්‍ය බව ඔහු තවදුරටත් සඳහන් කළා.

කෙසේ වෙතත් සැන්චෙස්ගේ වාමාංශික සභාග රජය ඔහුගේ පාලක සමාජවාදී පක්ෂයෙන් සහ කනිෂ්ඨ හවුල්කරු වන සුමාර් සන්ධානයෙන් සමන්විත වන අතර, එයට පාර්ලිමේන්තුවේ බහුතරයක් නොමැති බව සඳහන්.

එසේම ස්පාඤ්ඤය 2027 ගිම්හානය වන තෙක් මහ මැතිවරණයක් පැවැත්වීමට නියමිතව නොතිබුණ බව වාර්තා වේ.

"පස් කණ්ඩියට වැදිලා කෝච්චිය විසික් වුණා" හිටිහැටියේම සීඝ්‍රගාමී දුම්රිය පීලි පනී

"පස් කණ්ඩියට වැදිලා කෝච්චිය විසික් වුණා" හිටිහැටියේම සීඝ්‍රගාමී දුම්රිය පීලි පනී

ලිට්‍රෝ ගෑස් මිලෙහි වෙනසක්? ලිට්‍රෝ ගෑස් සමාගමෙන් මිල සංශෝධනය ගැන නිවේදනයක්

ලිට්‍රෝ ගෑස් මිලෙහි වෙනසක්? ලිට්‍රෝ ගෑස් සමාගමෙන් මිල සංශෝධනය ගැන නිවේදනයක්