පුද්ගලයෙකුට දිවි අහිමි කළ බිහිසුණු අනතුර..

Matara Sri Lanka Accident
By Sewvandhi Aug 03, 2023 01:44 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ත්‍රිරෝද රථයක් සහ ටිපර් රථයක් වැලිගම කූඩලුගම පාතේගම මාර්ගයේදී ගැටීමෙන් සිදුවූ අනතුරකින් ත්‍රිරෝද රථයේ රියදුරු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බටවල පාතේගම ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයෙකි.

මෙම අනතුරෙන් බරපතළ තුවාල ලැබූ ත්‍රිරෝද රථ රියදුරු ප්‍රතිකාර සඳහා වැලිගම වලාන රෝහල වෙත ඇතුළත් කිරීමේදී අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.

අනතුර සම්බන්ධයෙන් ටිපර් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර වැලිගම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

ReeCha