චමින්ද කුලරත්න අභියාචනාධිකරණයට

Report

හිටපු නියෝජ්‍ය පාර්ලිමේන්තු මහලේකම් *චමින්ද කුලරත්න* මහතා, තමන්ව සාධාරණ පරීක්ෂණයකින් තොරව රාජකාරියෙන් ඉවත් කිරීමේ තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ *රිට් පෙත්සමක්* ගොනු කර තිබේ.

ජ්‍යෙෂ්ඨ නීතීඥ *ජී.කේ.ඒ. චමින්ද කුමාර කුලරත්න* මහතාගේ පත්වීම සම්බන්ධයෙන් මතු වූ ගැටලුකාරී තත්ත්වයක් මත ඉකුත් ජනවාරි 23 වැනිදා සිට ඔහු වැඩතහනමකට ලක්ව සිටියි.

ඔහු 2023 සැප්තැම්බර් 15 වැනිදා සිට නියෝජ්‍ය පාර්ලිමේන්තු මහලේකම් ධුරයේ රාජකාරි කරමින් සිටියේය.

අකුරේගොඩ නීතිඥ ඝාතනය සැකකරුවන් රිමාන්ඩ්

අකුරේගොඩ නීතිඥ ඝාතනය සැකකරුවන් රිමාන්ඩ්

පෙත්සමේදී චමින්ද කුලරත්න මහතා පවසා ඇත්තේ, ඔහුගේ පත්වීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා හා ගැටලු පිළිබඳව සාධාරණ හා නිසි පරීක්ෂණයක් සිදු නොකරම ඔහුව රාජකාරියෙන් ඉවත් කිරීමේ තීරණය බලරහිත බවත්, එය ඔහුගේ මූලික අයිතිවාසිකම්වලට එරෙහි බවත්ය.

මෙම රිට් පෙත්සම අභියාචනාධිකරණය හමුවේ ඉදිරිපත් කිරීමත් සමඟ ඔහුගේ වැඩතහනම බලරහිත කිරීම හා රාජකාරියට යළි පත්කිරීම සඳහා නියෝගයක් ලබා ගැනීම ඉල්ලා ඇත.  

සමාජ මාධ්‍ය කලඹපු විජේ හා රශ්මිකාගේ විවාහ ආරාධනා පත්‍රය

සමාජ මාධ්‍ය කලඹපු විජේ හා රශ්මිකාගේ විවාහ ආරාධනා පත්‍රය