අකුරේගොඩ නීතිඥ ඝාතනය සැකකරුවන් රිමාන්ඩ්

Report

 අකුරේගොඩදී නීතිඥවරයෙකු හා ඔහුගේ බිරිඳ වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි සහෝදරයන් දෙදෙනා මාර්තු මස 4වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත් කර තිබේ.

එමෙන්ම අනෙක් පුද්ගලයාව පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දී ඇත. සැකකරුවන් තිදෙනා අද (18) කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝග ලබා දී තිබේ.

තලංගම, අකුරේගොඩදී ඉකුත් සිකුරාදා පස්වරුවේ නීතිඥවරයෙකු හා ඔහුගේ බිරිඳ වෙඩිතබා ඝාතනය කර තිබුණි.

පසුව පොලිස්පතිවරයාගේ උපදෙස්මත සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීම සඳහා පොලිස් කණ්ඩායම් 12ක් පත්කරනු ලැබීය.

අකුරේගොඩ දී ඝාතනය කළ නීතිඥවරයා මගේ අධ්‍යන කණ්ඩායමේ කෙනෙක් - නාමල්ගෙන් අනාවරණයක්

අකුරේගොඩ දී ඝාතනය කළ නීතිඥවරයා මගේ අධ්‍යන කණ්ඩායමේ කෙනෙක් - නාමල්ගෙන් අනාවරණයක්

ඒ අනුව, සිදුකළ විමර්ශනවලදී බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය විසින් ඉකුත් 16වනදා පස්වරුවේ ඝාතනය සඳහා වෙඩික්කරුවන් භාවිත කළ ගිනිඅවි ප්‍රවාහනය කළ සොහොයුරන් දෙදෙනකුව කොට්ටාවේදී පොලීසිය අත්අඩංගුවට ගනු ලැබීය.

ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඊයේ (17) පස්වරුවේ පොල්ගස්ඕවිට ප්‍රදේශයේදී පොල්ගස්ඕවිට 'ඩිලා' නැමැත්තෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.

ඔහුගේ උපදෙස් මත අදාළ තරුණයන් දෙදෙනා ගිනිඅවි ප්‍රවාහනය කළ බවත් ඒ සඳහා 'ඩිලා' නැමැත්තාද එක්ව ඇති බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබේ.

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් - තත්ත්වය භයානකයි අවධානයෙන් ඉන්නැයි නිවේදනයක්

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් - තත්ත්වය භයානකයි අවධානයෙන් ඉන්නැයි නිවේදනයක්