ලොව වයස්ගතම සුනඛයා උපන්දිනය සමරයි - බව් යාලුවන්ට ආදරය කරන අයට විශේෂයි.. (VIDEO/PHOTOS)
By krishani
ලොව වයස්ගතම සුනඛයා වන බොබී සිය 31 වන උපන් දිනය සමරා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
1992 වසරේ මැයි 11 වනදා ඩොබී පෘතුගාලයේ දී උපත ලබා ඇති අතර එම සුනඛයාගේ හිමිකරු වන්නේ ලියනොල් කොස්තා යි.
ඔහු පවස්න්නේ, ලොව වයස්ගතම සුනඛයා ලෙස සැළකෙන බොබීගේ මව ජීවත්ව ඇත්තේ වයස අවුරුදු 18 ක් පමණක් බව යි.
මේ අතර, බොබී ලොව වයස්ගම සුනඛයා ලෙස ගිනස් වාර්තා අතරට එක් වී ඇත්තේ පසුගිය පෙබරවාරි මාසයේ දී යි.
කෙසේවෙතත්, සුනඛයෙකුගේ ආයු කාලය වයස අවුරුදු 12 ත් 15 ත් අතර වේ.
විඩියෝ දර්ශන - Mixed Bytes Y-Tube Channel
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |







