ලොව උස ම දැල්පන්දු ක්‍රීඩිකාව යුග දිවියට...
ඊයේ (17) ලොව උස ම නෙට්බෝල් ක්‍රීඩිකාව ලෙස සැලකෙන ශ්‍රී ලංකාවේ තර්ජනී සිවිලිංගම් මෙනවිය සිය පෙම් සිහිනය සැබෑ කරගනිමින් දකුණු ඉන්දියාවේ ව්‍යාපාරිකයෙකු වන ආර්. ප්‍රශාන් මහතා සමග යුග දිවියට පිවිසියාය.
ඔවුන්ගේ මංගල උත්සවය චෙන්නායි නිවි අයිලන්ඩිස් හෝටලයේ දී පැවැත්විණි.
උස අඩි හයයි අගල් දහයක් වන ඇය ශ්‍රී ලංකාවේ නෙට්බෝල් පිටියේ පෙරලිකාර ක්‍රීඩිකාවක් වන අතර, වයස අවුරුදු 45 ක් වූවය.
2019 ලෝක කුසලාන නෙට්බෝල් තරගාවලියේ වැඩිම ගෝල ප්‍රමාණයක් ඇස් කරගත් ක්‍රීඩිකාව වූ ඇය 2011 වර්ෂයේ ලෝක කුසලාන තරගාවලියේ හොඳම විඳින්නිය ලෙස සම්මානයට ද පාත්‍ර වූවාය.
2009 දී වසරේදී පළමු වරට ශ්‍රී ලංකා කණ්ඩායම ක් නියෝජනය කළ තර්ජනී 2018 2022 වසර වල ආසියානු ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට මහඟු මෙහෙයක් කළාය.
එමෙන් ම, ඇය ක්‍රීඩා කළ 2012 2014 සහ 2016 වසර වලදී ශ්‍රී ලංකා කණ්ඩායම ආසියාවේ අනුසූරියෝ බවට පත් වූහ.
