නීතිපතිගේ සේවා දිගුව ප‍්‍රතික්ෂේප වේ...

Report

අද (18 වැනිදා) නීතිපති සංජය රාජරත්නම්ගේ සේවා කාලය දීර්ඝ කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ව්‍යවස්ථාදායක සභාවට ඉදිරිපත් කර තිබූ යෝජනාව වැඩි ඡන්දයෙන් පරාජයට පත් වී තිබෙනවා.

යෝජනාවට විපක්ෂව ඡන්ද පහක් ලැබී තිබෙන අතර පක්ෂව ලැබී ඇත්තේ ඡන්ද තුනක් පමණි.

ගත වූ මාස කිහිපය තුළ 180කට අධික ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට...

ගත වූ මාස කිහිපය තුළ 180කට අධික ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට...

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තු මන්ත්‍රි කබීර් හෂීම් සහ සිවිල් සංවිධාන නියෝජිතයන් තිදෙනා යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබේ.

එමෙන් ම, අගමැති දිනේෂ් ගුණවර්ධන සහ පාර්ලිමේන්තු මන්ත්‍රි සාගර කාරියවසම් යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දී ඇති බව සඳහන් වේ.

කථානායක මහින්ද යාපා අබේවර්ධන ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිට ඇත.