විශිෂ්ට ජයග්‍රහණයක් මැද, පකිස්ථානය පුරා ප්‍රීති ඝෝෂා පැතිරී යයි.(PHOTOS)
අද (06) 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්තානය හා නෙදර්ලන්තය අතර තරගය පැවැත්විණ.
එහිදී ලකුණු 81ක පහසු හා විශිෂ්ට ජයක් වාර්තා කිරීමට බාබර් අසාම් ප්‍රමුඛ පාකිස්තාන කණ්ඩායම සමත් විය.
හයිද්‍රාබාද් හී දිවා රාත්‍රී තරගයක් ලෙස පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්නේ පාකිස්තාන කණ්ඩායමයි.
ඔවුන් සියලු දෙනා දැවී ලකුණු 286ක් රැස් කළේ ය.
නමුත් පිළිතුරු ඉනිම සඳහා නෙදර්ලන්තයට රැස් කර ගත හැකි වූයේ, සියලු ක්‍රීඩකයන් දැවී ලකුණු 205ක් පමණක් ය.
කෙසේ වෙතත්, නෙදර්ලන්තය වෙනුවෙන් ඩි ලීඩ් ලකුණු 67ක් සහ වික්‍රම්ජිත් සිං ලකුණු 52ක් රැස් කළේ ය.




