ලංකාවේ ඩිජිටල් පරිවර්තනයට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 50ක්

Report

ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාවේ ඩිජිටල් ක්ෂේත්‍රයේ නවෝත්පාදන සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීමටත්, රජයේ සේවාවන් නවීකරණය කිරීමටත් ඩොලර් මිලියන 50ක මූල්‍ය ආධාරයක් අනුමත කර ඇත.

ලෝක බැංකු සමූහය නිකුත් කළ නිවේදනයකට අනුව, මෙම "ශ්‍රී ලංකා ඩිජිටල් පරිවර්තන ව්‍යාපෘතියේ" (Sri Lanka Digital Transformation Project) ප්‍රධාන අරමුණ වන්නේ රජයේ සේවාවන් වඩාත් කාර්යක්ෂම සහ මහජනතාවට සමීප කිරීමයි.

මෙම ව්‍යාපෘතිය ජනතාවගේ සහ ව්‍යාපාරවල අවශ්‍යතාවලට අනුව ඩිජිටල් අංශය ප්‍රවර්ධනය කිරීමට සහාය වනු ඇති බවද ලෝක බැංකුව සඳහන් කරයි.

දිස්ත්‍රික්ක 5කට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

දිස්ත්‍රික්ක 5කට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

ව්‍යාපෘතිය යටතේ පහත කේන්ද්‍රීය ඩිජිටල් විසඳුම් සඳහා සහාය ලැබෙනු ඇත:

  • රජයේ සේවාවන් සඳහා ඒකාබද්ධ මාර්ගගත පුරවැසි සේවා ද්වාරයක් (Single Online Citizen Service Portal).
  • රජයේ ආයතන අතර දත්ත බෙදාගැනීම සඳහා ආරක්ෂිත පද්ධතියක්, කාර්යක්ෂමතාව සහ විනිවිදභාවය වැඩිදියුණු කිරීමට.
  • ඩිජිටල් ලේඛන ගබඩාකිරීම සඳහා ඩිජිටල් කවුළුවක් (Digital Vault). - ඉල්ලුම වැඩිවන විට පරිමාණය කළ හැකි (scalable) වේදිකාවක්. 

මෙම ව්‍යාපෘතියෙන් ශ්‍රී ලංකාවේ ඩිජිටල් යටිතල පහසුකම් ශක්තිමත් වීමත් සමඟ රජයේ සේවාවන් වේගවත් සහ පහසු බවට පත්වීමට බලාපොරොත්තු වේ.

ලංකාවට IMF වෙතින් ඩොලර් මිලියන 206ක හදිසි මූල්‍ය ආධාරයක්

ලංකාවට IMF වෙතින් ඩොලර් මිලියන 206ක හදිසි මූල්‍ය ආධාරයක්

ඔන්ඩන්සෙට්‍රෝන් ඖෂධය සම්බන්ධයෙන් හොයන්න විශේෂඥ කමිටුවක්

ඔන්ඩන්සෙට්‍රෝන් ඖෂධය සම්බන්ධයෙන් හොයන්න විශේෂඥ කමිටුවක්