14 වැනි ලියෝ පාප්තුමන්ගේ පළමු හමුව වතිකානුවේ දී
By Hashan
14 වැනි ලියෝ පාප්තුමන් සහ කාදිනල්වරුන් අතර පළමු හමුව වතිකානුවේ දී පැවැත්වුණු බව වර්තා වේ.
එම හමුවේදී මානව වර්ගයා මුහුණ දෙන අතිශය තීරණාත්මක ගැටළු වලින් එකක් ලෙස කෘත්‍රිම බුද්ධිය සැලකිය හැකි බව පෙන්වා දෙන ලදී.
‘මානව වර්ගයාගේ ගරුත්වය, යුක්තිය සහ සාමය සුරැකීම සම්බන්ධයෙන්, කෘත්‍රිම බුද්ධිය අභියෝග එල්ල කරන බව 14 වැනි ලියෝ පාප්තුමන්, සිය කාදිනල්වරුන් හමුවේ වැඩිදුරටත් පැහැදිලි කර සිටියා.
14 වැනි ලියෝ පාප්තුමන්ගේ පුරෝගාමියා වූ ස්වර්ගස්ථ ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ අදහස වූයේ ද මෙය යැයි පැවැසෙයි.
14 වැනි ලියෝ යනු ඇමෙරිකාවෙන් බිහිවුණු පළමු පාප්තුමා වන අතර 14 වැනි ලියෝ පාප් ධුරය තෝරා ගැනීම සිදු වූයේ පසුගිය බ්‍රහස්පතින්දා (8) දිනයේදීය.
ඒ, වතිකානුවේ සිස්ටීන් දෙව්මැදුරේ පැවැති, කාදිනල්වරුන් 133 දෙනාගේ රහස් ඡන්ද විමසීමෙණි .