දැරිය අපයෝජන සිද්ධියට එරෙහිව මන්ත්‍රීවරයෝ පෙරට

Report

අනුරාධපුර ප්‍රදේශයේ බාලවයස්කාර දැරියක් ලිංගික අපයෝජනයට ලක් කිරීමේ සිදුවීමට අදාළව ක්‍රියාත්මක වන නීතිමය කටයුතු සහ එම වින්දිත දැරියගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සමීපව සොයා බැලීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය තීරණය කර තිබේ.

මෙම තීරණය ගනු ලැබුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය එහි සභාපතිනී, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (25) රැස්වූ අවස්ථාවේදීය.

පාර්ලිමේන්තුවේ නිලධාරිනියට මාස 6ක් ගිහිල්ලත් සාධාරණයක් නෑ - ඉවසීමේ සීමාව පැන්න සේවකයන්ගෙන් ජනපතිට ලිපියක්

පාර්ලිමේන්තුවේ නිලධාරිනියට මාස 6ක් ගිහිල්ලත් සාධාරණයක් නෑ - ඉවසීමේ සීමාව පැන්න සේවකයන්ගෙන් ජනපතිට ලිපියක්

ඒ අනුව ශ්‍රී ලංකා පොලීසිය, නීතිපති දෙපාර්තමේන්තුව, ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය, පරිවාස සහ ළමාරක්ෂක දෙපාර්තමේන්තුව ඇතුළු වගකිවයුතු ආයතන කැඳවා මේ සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් ලබන ජුනි මස 5 වැනිදා පැවැත්වීමට ද සැලසුම් කර ඇත.

සමාජයේ දැඩි ආන්දෝලනයකට ලක්ව ඇති මෙම සිදුවීමට අමතරව, රට තුළ ළමයින් සහ කාන්තාවන්ට එරෙහිව සිදුවන සියලු ආකාරයේ හිංසනයන් වැළැක්වීමට අවශ්‍ය නීති සහ ආයතන බලගැන්වීම පිළිබඳව ද එහිදී පුළුල් ලෙස සාකච්ඡා කිරීමට නියමිතය.

මේ අතර, අනුරාධපුර දැරියට අදාළ සිදුවීමෙහි ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග අධීක්ෂණය කිරීම මෙන්ම කාන්තා සහ ළමා හිංසනය පිටුදැකීමට රටේ සිදු කළ යුතු ආයතනික සහ නීති ප්‍රතිසංස්කරණ හඳුනා ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය යටතේ විශේෂ අනුකමිටුවක් පත් කිරීමට ද මෙහිදී පියවර ගැනුණි.

කොළඹ මහ නගර සභාවට එරෙහිව නඩු - හේතුව මෙන්න

කොළඹ මහ නගර සභාවට එරෙහිව නඩු - හේතුව මෙන්න

සංසදයේ සම උප සභාපතිවරියන් වන පාර්ලිමේන්තු මන්ත්‍රිනී සමන්මලි ගුණසිංහ සහ නීතිඥ චමින්ද්‍රාණි කිරිඇල්ල යන මහත්මීන්ගේ මූලිකත්වයෙන් යුත් මෙම කමිටුවේ සෙසු සාමාජිකාවන් ලෙස හේමාලි වීරසේකර, ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, නීතිඥ සාගරිකා අතාවුද, නීතිඥ නිලන්ති කොට්ටහච්චි, නීතිඥ නිලූෂා ලක්මාලි ගමගේ, නීතිඥ තුෂාරි ජයසිංහ, නීතිඥ අනුෂ්කා තිලකරත්න, නීතිඥ හසාරා ලියනගේ, නීතිඥ හිරුනි විජේසිංහ සහ නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්මීහු කටයුතු කරති.