කොළඹ මහ නගර සභාවට එරෙහිව නඩු - හේතුව මෙන්න

Report

කොළඹ මහ නගර සභාව විසින් රජයට නොගෙවා පැහැර හැරියේ යැයි කියන රුපියල් මිලියන 1034 ක එකතු කළ අගය මත බදු (VAT) මුදල් අය කරගැනීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා දේශීය ආදායම් කොමසාරිස්වරයා විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (25) නඩු පවරා තිබේ.

දේශීය ආදායම් කොමසාරිස්වරයා විසින් පවරන ලද මෙම විශේෂ බදු පැහැර හැරීමේ නඩුවේ එකම වගඋත්තරකරු ලෙස නම් කර ඇත්තේ කොළඹ මහ නගර සභාවයි.

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල එන දිනය මෙන්න - විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල එන දිනය මෙන්න - විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

මීට පෙර අවස්ථාවලදී ද මෙම බදු මුදල් ගෙවන ලෙස දැනුම් දී තිබුණද, නගර සභාව එය පැහැර හැරීම හේතුවෙන් මෙලෙස අධිකරණ ක්‍රියාමාර්ග වෙත එළැඹීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.

රජයට අය විය යුතු මෙම දැවැන්ත බදු මුදල වහාම අය කරදීමට අදාළ නියෝග නිකුත් කරන ලෙස ඉල්ලමින් ගොනුකළ මෙම පැමිණිල්ල කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂද මිගාර මහාරච්චි මහතා ඉදිරියේ ඉදිරි දිනකදී විභාගයට ගැනීමට නියමිතව තිබේ.

ගාල්ල බන්ධනාගායේ දරුණු ගැටුමක් - රැදවියෙකු රෝහලට

ගාල්ල බන්ධනාගායේ දරුණු ගැටුමක් - රැදවියෙකු රෝහලට

මෙරට ප්‍රධානතම පළාත් පාලන ආයතනයක් වන කොළඹ මහ නගර සභාවට එරෙහිව මෙවැනි දැවැන්ත බදු පැහැර හැරීමේ චෝදනාවක් යටතේ නඩු පැවරීම හේතුවෙන් දේශපාලන සහ මූල්‍ය ක්ෂේත්‍රය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී ඇත.