ප්‍රතික්ෂේප කළ ප්‍රේමයට පිහිතුඩෙන් පිළිතුරු දුන් සෙබළා

sinhalanews sinhalagossip gagananews
By Gagana Nov 24, 2021 11:57 PM GMT
Gagana

Gagana

Report

අංගොඩ හංදියේ දී පිරිස් බලා සිටියදී  (24) දහවල් කාන්තාවකට පිහියෙන් ඇන තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු හමුදා සෙබළකු අත්අඩංගුවට ගත් බව මුල්ලේරියාව පොලිසිය කියයි.

සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචි (32) හැවිරිදි විවාහක කාන්තාවක් බවද පොලිසිය පවසයි.

සැකකරු (46) හැවිරිදි පුද්ගලයකු බවත් ඔහු තදින්ම මත්කුඩු වලට ඇබ්බැහිව සිටින්නෙකු බවත් පොලිසිය පවසයි.

මෙම කාන්තාව විවාහක සැමියාගෙන් වෙන්වී අංගොඩ හංදියේ වෙළෙද සැලක සේවය කරමින් ජීවත් වන බවද පොලිසිය සදහන් කරයි

සැකකරුට කාන්තාව සම්බන්ධයෙන් ආදර හිතක් පහළ වී ඇය සේවය කරන වෙළෙඳ සැල ආසන්නට කිහිපය අවස්ථාවකදීම පැමිණ ඇයට ප්‍රේම යෝජනාගෙනවිත් ඇති බවත්, කාන්තාව එම යෝජනා ප්‍රතික්ෂේක කරමින් සැකකරුට බැන වැදී ඇති බවට තොරතුරු ලැබී ඇති බවද පොලිසිය පවසයි.

සිය යෝජනාව ප්‍රතික්ෂේප කිරීම නිසා උරණ වු සැකකරු අද දහවල් අංගොඩ හංදියේ දී ඇය සේවය කරන වෙළෙඳ සැලවෙත පැමිණ පිහියෙන් ඇන ඇති බවද පොලිසිය සඳහන් කරයි.

කාන්තාවට පිහියෙන් ඇන පලායමින් සිටි සැකකරු සිද්ධිය වු ස්ථානයේ දීම අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු හෙට (25) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.