ෂෝක් අම්මණ්ඩි බබාගේ බෝනික්කා ඇතුලේ හංගලා කුඩු බිස්නස්
Sri Lanka Police
Crime
Drugs
Latest Headlines
Sinhala news
By Ashfa
සීදුව රාජපක්ෂපුර ප්‍රදේශයේදී බෝනික්කෙක තුළ සඟවා මත්ද්‍රව්‍ය රැගෙන ආ කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත.
කොටහේනේ පදිංචි 29 හැවිරිදි ඇය, ඇගේ 8 හැවිරිදි දරුවා යොදා ගනිමින් මෙම ජාවාරම සිදු කර ඇති බව පොලීසිය පවසයි.
අද අලුයම පොලීසිය, විශේෂ කාර්ය බලකාය සහ ත්‍රිවිධ හමුදාව එක්ව සිදුකළ සෝදිසි මෙහෙයුමකදී, බෝඩිං කාමරයක් පරීක්ෂා කරන අතරතුර සැක සහිත ලෙස බෝනික්කක් රැගෙන සිටි ඇය පරීක්ෂා කිරීමෙන් අයිස්, හෙරොයින්, කේරළ ගංජා සහ විද්‍යුත් තරාදියක් හමුවිය.
මත්ද්‍රව්‍ය පැකට් කිහිපයක් ඇගේ ශරීරයේද සඟවා තිබූ බව පොලීසිය සඳහන් කරයි.
ඇය සීදුවට මත්ද්‍රව්‍ය රැගෙන එමින්, ඒවා නැවත කොටහේනේ අලෙවියට ගෙන යන බවටත් තොරතුරු ලැබී ඇත. වැඩිදුර විමර්ශන මීගමුව කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අශෝක ධර්මසේන මහතාගේ උපදෙස් පරිදි සිදුවෙයි.
