අවුරුදු හතරෙ මල් කැකුළක් ඇලකට වැටී ජිවිතක්ෂයට
By Kaushi
කොටගල රොසිටා වතුයායේ පදිංචිව සිටි වයස අවුරුදු 04ක දැරියක් ඇලකට වැටී ගසාගෙන ගොස් ජිවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
ඒ අනුව අද (26) දින දහවල් මෙම අවාසනාවන්ත සිදුවීම වාර්තා වී ඇති බව සඳහන්.
අඳාළ දැරිය උත්සවයකට යෑමට සූදානම් වී ඇඳ පැළඳගෙන අද දහවල් නිවසින් පිටතට ගොස් ඇති බව පවසයි.
එසේ නිවසින් පිටතට පැමිණි දැරිය සම්බන්ධයෙන් විමසා බැලූ මව, ඇය පෙනෙන්නට නොසිටීම නිසා ඒ පිළිබඳව සොයා බලා තිබෙනවා.
එම අවස්ථාවේදී දැරිය නිවස ආසනයේ පිහිටි ඇල මාර්ගයට වැටී සිටිය දී සොයා ගැනීමට හැකිව ඇත.
ඒ අනුව දැරිය වහාම කොටගල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙනවා. එහෙත් ඒ වන විටත් ඇය ජීවිතක්ෂයට පත්ව ඇති බව වෛද්‍යවරු පවසා ඇත.
මේ අතර දැරියගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය වෙනුවෙන් දික්ඔය මූලික රෝහල වෙත යොමු කිරීමටයි කටයුතු කර ඇති බව සඳහන්.