සීගිරියේ කැටපත් පවුර කොණ්ඩ කට්ටෙන් කුරුටු ගාපු තරුණිය රක්ෂිත බන්ධනාගාරයට
ඊයේ (14) දින ලෝක උරුමයක් වන සීගිරි කැඩපත් පවුරට හානි වන ආකාරයට එහි කුරුටු ගෑ තරුණියව ලබන 26 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන මෙන් නියෝග කර ඇත.
අද (15) දින දඹුල්ල දිසා විනිසුරු නිලන්ත විමලරත්න මහතා හමුවට එම තරුණියව ඉදිරිපත් කිරීමෙන් පසුව අනතුරුව මෙම නියෝගය ලබා දී ඇත.
මෙම තරුණියව අත්අඩංගුවට ගෙන ඇත්තේ සීගිරියේ කැටපත් පවුරේ කොණ්ඩ කටුවකින් ඉංග්‍රීසි අකුරු හයක් ලියු බවට සැකපිටය.
වයස අවුරුදු 21ක තරුණිය අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර ඇය තවත් කිහිප දෙනෙකු සමග සීගිරිය නැරඹීමට පැමිණි අවස්ථාවේ දී මෙය සිදුකර ඇත.