නිවසක මිය ගොස් සිටි කාන්තාවකට කොවිඩ්

covid19 PHI teacher panadura wakada
By Sewvandhi Aug 06, 2021 12:00 PM GMT
Sewvandhi

Sewvandhi

Report

පානදුර වෑකඩ ප්‍රදේශයේ නිවසක තනිව ජීවත්වූ කාන්තාවක් එම නිවසේම මියගොස් සිටියදී හමුවී තිබෙනවා. ප්‍රදේශවාසීන් කළ දැනුම්දීමකට අනුව පොලිසිය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එක්ව සිරුරු පානදුර රෝහලට රැගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙම කාන්තාව ඊයේ දිනයේ මියගොස් ඇති බවට අනාවරණ වී ඇති අතර මියයන විට වයස අවුරුදු 85ක්. ඇය නිවසේ පුටුවක් මත වැටී සිටින ආකාරය දුටු අසල්වැසි පුද්ගලයෙක් පොලිසියට දැනුම්දී ඇති අතර අනතුරුවයි පොලිසිය පැමිණ විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

මෙම කාන්තාව විශ්‍රාමලත් ගුරු යුවළක් සිටින නිවසක ඔවුන් සමග වසර හැත්තෑවකට අධික කාලයක් පදිංචිව සිටි බවයි වාර්තා වන්නේ. ප්‍රදේශවාසීන් පවසන්නේ මියගොස් සිටින කාන්තාව දින තුනකට ආසන්න කාලයක් මෙම නිවසේ හුදෙකලාව සිටි බවයි.

ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන් කළේ අදාළ කාන්තාවට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති බවයි.

මියගොස් ඇති කාන්තාවගේ දේහය මේ වනවිට පානදුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා. එය නිරෝධායන නීතිරීති අනුව ආදාහනය කිරීමට නියමිතයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now