ප්‍රසිද්ධියේ කාන්තවකට කළ අපරාධය...සෙනගක් බලාගෙනත් හිටියලු...

Sri Lanka Crime Branch Criminal Investigation Department Crime
By Akash Mar 12, 2025 07:11 AM GMT
Akash

Akash

Report

සීමාසහිත හලාවත විවිධ සේවා සමුපකාර සමිතියට අයත් බංගදෙණිය ප්‍රාදේශිකය ආසන්නයේදී සමුපකාර නිලධාරීනියන් පිරිසක් විසින් කාන්තාවක ගස් බැඳ පහර දීමේ සිද්ධියක් හලාවත බංගදෙණිය ප්‍රදේශයෙන් වාර්තා වේ.

පහර කෑමට ලක්ව ඇත්තේ තිදරු මවකි.

ඇය මේ වන විට ප්‍රතිකාර සඳහා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇත.

පහර කෑමට ලක්ව ඇති කාන්තාව වසර ගණනාවක සිට බංගදෙණිය මංසන්ධියේ ඇති පුද්ගලික ගොඩනැගිල්ලක් පිටුපස මුළුතැන් ගෙයක් සාදාගෙන සුළු ව්‍යාපාරික කටයුත්තක් කර ගෙන ගොස් ඇති බවත්, එම ගොඩනැගිල්ල මෑතකදී හලාවත විවිධ සේවා සමුපකාර සමිතිය විසින් මිලදී ගෙන ඇති බවත් ප්‍රදේශවාසීහු සඳහන් කරති.

සමුපකාරය විසින් ගොඩනැගිල්ල සහිත ඉඩම මිලදී ගත්තද ඇය එම ස්ථානයෙන් ඉවත්ව ගොස් නොමැති බව කියයි.

ඒ පිළිබඳව ඇති වූ කතාබහකින් පසුව හලාවත විවිධ සේවා සමුපකාර සමිතියේ සාමාන්‍යාධිකාරීවරිය සහ තවත් සේවිකාවන් පිරිසක් එම ස්ථානයට ගොස් එම කාන්තාව කණුවක බැඳ පහර දීම සිදුකර ඇති බවද ප්‍රදේශවාසීහු සඳහන් කරති.

හලාවත විවිධ සේවා සමුපකාර සමිතියේ සභාපති සරත් විජේසිංහගෙන් මේ සම්බන්ධයෙන් විමසූ විට කියා සිටියේ එම කාන්තාව තම සමුපකාර සමිතියට අයත් භූමියක් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමට යන බවත්, පහර දීමක් සිදුවී නොමැති බවත්ය.

ReeCha