“බිරිඳ, දරුවෝ මතක් වෙද්දී හිතට ගොඩක් දුකයි” - විශ්ව කොඩිකාර

Gossip Today Actors SL Actress Gossips Latest Headlines
By Sewvandhi Sep 16, 2024 04:17 PM GMT
Sewvandhi

Sewvandhi

Report

එකල අප ආසාවෙන් නැරඹූ “පබළු” ටෙලි නාට්‍යයේ “රෑ සඳ සේ බැස නොයා නුඹ ළඟින් හිදින්නම්..” කියූ ප්‍රේමවන්තයා ඔහුය. පබළු නාට්‍යයේ හසරැල්ගේ චරිතය හරහා පුංචි තිරයට ගොඩ වැදුණු ඔහු ඒ කාලේ තරුණියන්ගේ සිහින පෙම්වතා වූ බව අපට මතකය.

එදා සිට අද දක්වා තමන්ට ලැඛෙන ප්‍රේක්ෂක ආකර්ෂණය එකසේ පවත්වා ගනිමින් ක්ෂේත්‍රයේ දිගු ගමනක් පැමිණ ඇති විශ්ව කොඩිකාර නම් ඔහු සමග මේ පිළිසඳර ඔහුගේ අලුත්ම තොරතුරු දැන ගැනීම සඳහාය.

ඉතින් විශ්ව මේ දවස්වල වැඩ කටයුතු මොනවාද?

මේ දවස්වල කියා දෙන්න ආදරේ තරම්” සහ "රැල්ල වෙරළට ආදරෙයි” කියන ටෙලි නාට්‍ය දෙකේ රූපගත කිරීම්වලට සහභාගි වෙනවා. ඊට අමතරව අජිත් ධර්මසූරිය මහත්මයාගේ ඊළඟ චිත්‍රපටයේ රූපගත කිරිම්වලට ලෑස්ති වෙනවා.

“කියා දෙන්න ආදරේ තරම්” සහ “රැල්ල වෙරළට ආදරෙයි නාට්‍යවලට ලැඛෙන ප්‍රතිචාර කොහොමද?

මේ දෙකම යන්නේ හිරු නාළිකාවේ. හැබැයි මේ නාට්‍ය දෙකට හැදුණු වෙනම ප්‍රේක්ෂක කොටස් දෙකක් ඉන්නවා. ඉතිං ඒ හැමෝගෙම ආදරය සහ ප්‍රතිචාර ලැබෙනවා. "රැල්ල වෙරළට ආදරෙයි " ටෙලි නාට්‍යයේ, මම කරන්නේ නිලධාරියකුගේ චරිතයක්. ඊට කලින් මම පොලිස් නිලධාරියකුගේ චරිතයක් කරලා තිබුණෙ නැති නිසා ඒක මට අලුත් අත්දැකීමක්.

ප්‍රේමවන්තයාගේ වතයෙන් කරළියට ආපු විශ්ව දැන් කළු චරිතත් රඟපානවා නෙද?

ඔව්. නළුවෙක් වුණාම එකම චරිතයකට කොටු වෙන්න ඕනේ කියලා මම හිතන්නේ නැහැ. හැබැයි සමහර ප්‍රේක්ෂකයෝ ඒ වගේ චරිත කරන්න එපා කියලත් කියනවා. මට තියෙන ආදරේ නිසා තමයි ඒ අය එහෙම කියන්නේ.

මේ දවස්වල රඟපාන නාට්ය දෙකම මෙගා නාට්‍යනේ, මට මෙගා නාට්‍යවලම රඟපාන්නේ කෙටි නාට්‍යවලට කැමති නැද්ද?

එහෙම එකක් නැහැ. මම සීමිත කොටස් සහිත නාට්‍යවලත් වැඩ කරලා තියෙනවා. හැබැයි මම කවදාවත් "අනේ මම නම් මෙගා නාට්‍ය වල වැඩ කරන්නේ නැහැ” කියන තැනක නැහැ. මොකද මං පුංචි තිරයට ආවෙත් මෙගා නාට්‍යයකින්. මට ලොකු රසික පිරිසක් හැදුණේ ඒ හරහායි.ඉතින් ඉස්සරහටත් හොඳ නිර්මාණ ලැබෙනවා නම් ඒක මෙගා ද නැද්ද කියලා හිතන්නේ නැතුව මම භාර ගන්නවා.

විශ්ව වර්ණ" චිත්‍රපටයේ ඔබු බොහොම අපූරු චරිතයක් කළා නේද?

' වර්ණ '', අජිත් ධර්මසූරිය මහත්මයාගේ නිර්මාණයක්. මෙහි මට වැඩිය දෙබස් කියන්න නැහැ. දෙබස් නැහැ කිව්වහම අපි හිතනවා ඒක බොහොම පහසු වැඩක් කියලා. හැබැයි ඒ මතය වැරදියි. වචනයෙන් හැඟීම් ප්‍රකාශ කරනවට වඩා ඉරියව්වලින් හැඟීම් ප්‍රකාශ කරන එක අපහසුයි. ඉතින් ඒක මට ලොකු අභියෝගයක් වුණා. මේක භාර දෙනකොටම 'චරිතයට මාව ගැළපෙන්නෙ නැත්නම් ඕනම අවස්ථාවකදී මාව අයින් කරන්න'' කියලා මම අජිත් මහත්මයාට කිව්වා. නිර්මාණය කරලා ඉවර වුණාට පස්සේ ඔහු සහ කැමරා අධ්‍යක්ෂ රුවන් කොස්තා මහත්ම යයි දෙන්නම "ඔයා හොඳට වැඩේ කරලා තියෙනවා" කියලා මාව අගය කළා. ඉතින් ඔවුන්ව වගේම මේ නිර්මාණයේ වැඩ කරපු රංගන ශිල්පීන් හැමෝවම මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. ඔබේ පියා පුණ චිත්‍රපට අධ්‍යක්ෂ පද්මසිරි කොඩිකාර,

තාත්තා චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වෙලත් පුත්‍ර චිත්‍රපට පැත්තෙන් ඉදිරියට ගියා මුදී කියලා සිතෙන්නෙ නැද්ද?

ඇත්තටම මම කලා ක්ෂේත්‍රයට ආවේ චිත්‍රපට රංගනයෙන්. මගේ ප්‍රථම චිත්‍රපටය "සදාදර ජෝති” තවම තිරගත වුණෙත් නැහැ. මම ක්ෂේත්‍රයට එනකොට තාත්තා මට දීපු අවවාදය තමයි චිත්‍රපටවලම රඟපාන්න එපා කියන එක. මොකද අද කාලේ මිනිස්සුන්ට කුණු චිත්‍රපට බලන්න වෙලාවක් නැහැ. චිත්‍රපට ශාලාවලට යනවත් අඩුයි. ඒ නිසා හැම පැත්තම නියෝජනය කරන්න කියලා ඔහු මට කිව්වා. ඒ නිසා තමයි මම ටෙලිනාට්‍ය රංගනයට වැඩිපුර යොමු වුණේ. ඒ ගැන මට කිසිම පසුතැවීමක් නැහැ.

අදටත් ඔබේ පියාගෙන් රංගන ගමනට සහාය ලැබෙනවද?

අනිවාර්යෙන්ම. අදටත් මට පිටපතක් ලැබුණාම මම ඒක මුලින්ම ගිහින් පෙන්නන්නෙ තාත්තට තමයි.

ඔබේ බිරිය දරුවෝ සමග විදේශගත වෙලා කියලත්අපිට ආරංචියක් ආවා එක ඇත්තද?

ඔව්. ඒ අය අවුරුද්දකට ඔස්ට්‍රේලියාවේ පදිංචියට ගියා. බිරියගේ පවුලේ අය ඉන්නේ ඔස්ට්‍රේලියාවේ. ඉතින් කවදාහරි අපේ දරුවන් දෙන්නා එහෙ යන්න තීරණය කළොත් ඒ අයට ඒ පරිසරය හුරු වෙන්න ඕනෙනේ. ඒ නිසා බිරිය නිතරම එයාලව එහෙ එක්කරගෙන යනවා.

විශ්වට පාළු ඇති?

අපොයි ඒ ගැන නම් වචනයෙන් කියන්න බැහැ. අපි හතර දෙනා හිටියේ කොළඹ. ඒ තුන්දෙනා ගියාට පස්සේ මම නුවර මගේ මහ ගෙදර ගියා. මොකද කොළඹ ගෙදරදී දැනෙන පාළුව තනිකම කියලා නිම කරන්න බෑ. ඒ තුන්දෙනාව මතක් වෙද්දි මට හරිම අමාරුයි.

එහෙනම් එයාලා නිතරම කොල් ගන්නවා ඇති.?

දවසකට හත් අට සැරයක් වීඩියෝ කෝල් ගන්නවා. පොඩි දෙන්නටත් දැන් මම නැතුව ඉන්නම බැහැ.

ඉතින් විශ්වට රට යන්න අදහසක් නැද්ද?

මෙහෙමයි ටික දවසකට ගිහිල්ලා ඉන්න පුළුවන්. හැබැයි ස්ථිර පදිංචියට රට යන්න මට කිසිම අදහසක් නැහැ. ඇත්තටම මට මගේ රට දාලා වෙන රටකට ගිහින් ඉන්න බැහැ. ඒ වගේම මම කලාවටත් බොහොම ආදරෙයි. ඒ නිසා මේ වෘත්තිය අතාරින්න බැහැ.අනික මගේ මවුපියො දෙන්න ගැනත් මම හිතන්න ඕනනේ. අම්මයි තාත්තයි දෙන්නත් නිතරම මගේ හයියට ළඟින්ම ඉන්නවා.

ඔබට බිරියගෙනුත් ලොකු සහාසක් ලැබෙනවා නේද?

විවාහ වෙන්න කලිනුත්, විවාහ වුණාට පසුව සහ දරුවන් දෙදෙනා ලැබුණට පස්සෙත් ඇය නිතරම මගේ වෘත්තියට සහායක් දුන්නා. මගේ කලා ගමනේ සාර්ථකත්වයට ඇගේ කැපකිරීමුත් හේතු වුණා.

ඔබේ පුංචි පැටව් දෙන්නත් දැන් ලොකුයි නේද?

ඔව්. දුවට අවුරුදු නවයක් ලැබුවා. පුතාට අගෝස්තුවලට අවුරුදු අට ලබනවා. ඒ දෙන්නත් කලාවට බොහොම ළැදියි. දෙන්නටම හොඳට සින්දු කියන්න පුළුවන්. ඉස්සර නම් මාව ටෙලිවිෂන් එකේ දැක්කම "අන්න තාත්ති" කියලා දෙන්නම කෑගහනවා. දැනුත් දෙන්න මම ඉන්න හැම නාට්‍යයක්ම බලනවා.