පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතාගෙන් ජනපතිට විශේෂ ලිපියක්..

Ranil Wickremesinghe Wimal Weerawansa President of Sri lanka
By krishani Aug 01, 2022 08:36 AM GMT
krishani

krishani

Report

සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම ගැන ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ  ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමුකර තිබෙන අතර එමඟින් ඔහු දක්වා ඇත්තේ සර්වපාක්ෂික සමුළුවක් කැඳවා අර්බුදය විසඳීමට අවශ්‍ය පොදු වැඩපිළිවෙලක් සහ එය ක්‍රියාත්මක කිරීමට මාර්ග සිතියමක් රටට ඉදිරිපත් කරන ලෙසයි.

එමෙන්ම අර්බුදය විසඳීමට වහාම සර්වපාක්ෂික සමුළුවක් කැඳවිය යුතු බවත් ව්‍යාජ අරගලකරුවන් හෙවත් අධිරාජ්‍යවාදී මෙහෙයුම් කුලීකරුවන් ලෙස ක්‍රියාකරන පිරිස් සතුව තිබෙන දේශපාලන අවිය නිෂ්ක්‍රිය කිරීම වැදගත් බවත් ජාතික නිදහස් පෙරමුණ අවධාරණය කරයි.

සර්වපාක්ෂික සමුළුවක් තුළින් දැනුම, උපායමාර්ගික ප්‍රවේශය සහ ඒ අනුව සකස් කරන ක්‍රමවේදයන් මගින් පොදු එකඟතාවක් රට හමුවේ ඉදිරිපත් කිරීම මගින් මහජන විශ්වාසය දිනාගැනීම වැදගත් බව සහ පාර්ලිමේන්තු කාරක සභා පත් කිරීම ද සර්ව පාක්ෂික අවම පොදු වැඩපිළිවෙලක කොටසක් මිස පරිභාහිර ක්‍රියාවලියක් නොවන බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ජනාධිපතිවරයා වෙත යොමුකළ ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join