උදය ගම්මන්පිල අත්අඩංගුවට ගන්නවාද ? නැද්ද ? - CIDය අධිකරණයට දැනුම්දෙයි
හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතාව මේ මොහොතේ අත්අඩංගුවට ගැනීමට තීරණයක් ගෙන නැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (12) අභියාචනාධිකරණයට දැනුම් දී ඇත.
එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ තමාව අත්අඩංගුවට ගැනීමට CID සූදානම් බවත්, එය වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලමින් ගම්මන්පිල මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සම අද අභියාචනාධිකරණය හමුවේ විභාගයට ගනු ලැබීය.
එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුදර්ශන ද සිල්වා මහතා අධිකරණයට පැවසුවේ, ගම්මන්පිල මහතාව මේ මොහොතේ අත්අඩංගුවට ගැනීමට පොලිසිය තීරණයක් ගෙන නැති බවයි.
විමර්ශන තවදුරටත් පැවැත්වෙන බවත්, අවසන් තීන්දුවක් ගන්නේ ඉන් පසුව බවත් ඔහු සඳහන් කළේය. ඒ අනුව, පෙත්සම ලබන 17 වැනිදා දක්වා කල් තබා ඇත.