ගම්මන්පිල අත්අඩංගුවට ගනිද?බිය වූ හෙළ උරුමයේ අය සජිත් ළඟට ගොස් ඒ බව දැනුම් දෙයි
පිවිතුරු හෙළ උරුමේ මධ්‍යම කාරක සභිකයින් විපක්ෂ නායක කාර්යාලයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවුණා. ඒ පිවිතුරු මේ නායක නීතිඥ උදේ ගම්මන්පිල මහතා සිවිල් හා දේශපාලන සම්බන්ධ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ අසාධාරණ ලෙස අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දැනුවත් කිරීමටයි.
එහිදී පිවිතුරු හෙළ උරුමේ මධ්‍යම කාරක සභික තිළිණ පීරිස් සඳහන් කළේ ජනතාවට පොරොන්දු පොරොන්දු ඉටු කිරීමට නොහැකි වූ තැන ඒ වැරදි පෙන්වන අයව නිශ්ශබ්ද කිරීමට ආණ්ඩුව විශාල උත්සාහයක් දරමින් සිටින බවයි.
ඒවගේම මෙවන විට උදේ ගම්මන්පිල මහතා විදෙස්ගත වී සිටින අතර ඔහු එලෙස විදෙස්ගත වූයේ කිසි ලෙසකත් නීතියට බයේ නොව ඔහුගේ අධ්‍යාපන කටයුත්තකට බවත් ඉතා නුදුරු දිනයකදී ඔහු නැවත ලංකාවට පැමිණීමට නියමිත බවත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේය.