වික්ටර් රත්නායක මහතා අභාවප්‍රාප්ත වී ඇති බවට සංසරණය වන පුවත ගැන සත්‍ය මෙන්න..

By Sithumi May 10, 2022 04:57 PM GMT
Sithumi

Sithumi

Report

 ප්‍රවීණ ගායන ශිල්පී වික්ටර් රත්නායක අභාවප්‍රාප්ත වී ඇති පුවතක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වනවා.

කෙසේ වෙතත්, මේ පිළිබඳව වික්ටර් රත්නායකගේ මුහුණු පොතේ ද සටහනක් පළව තිබෙනවා.

එහි ඔහු සඳහන් කරන්නෙ තමන් ගැන පැතිර යන කතාව සාවද්‍ය ප්‍රවෘත්තියක් බවයි. “මා පිළිබඳව සමාජ මාධ්‍යජාලා වල සංසරණය වන ප්‍රවෘත්තිය සාවද්‍ය බවත්, මා සුවෙන් පසුවන බවත් මාගේ ප්‍රිය රසික රසිකාවියන් හට දන්වනු කැමැත්තෙමි.”