ක්‍රිකට් ලොවම මවිත කළ සුපිරි තරුව ග්ලෙන් මැක්ස්වෙල් ජාත්‍යන්තර පිටියට තීරණය කරයි

Report

ක්‍රිකට් ලොව අමාන්දානන්දයට පත් ලක් කළ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට ග්ලෙන් මැක්ස්වෙල් තීරණය කරයි ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල තුන් ඉරියව් ක්‍රීඩක ග්ලෙන් මැක්ස්වෙල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ.

38 හැවිරිදි මැක්ස්වෙල් වසර 14ක ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට මෙලෙස සමුදීමට තීරණය කර ඇති අතර, ඔහු සිය අවසන් ජාත්‍යන්තර තරගයට සහභාගී වී තිබුණේ 2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ඕමානයට එරෙහිව පැවති ඕස්ට්‍රේලියාවේ අවසන් තරගයේදීය.

මැක්ස්වෙල් සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය තුළ එක්දින ජාත්‍යන්තර තරග 149කට, විස්සයි20 ජාත්‍යන්තර තරග 130කට සහ ටෙස්ට් තරග 7කට ඕස්ට්‍රේලියාව නියෝජනය කර තිබේ.

එම කාලය තුළ 2015 සහ 2023 වසරවල එක්දින ලෝක කුසලාන ශූරතා දෙකක් මෙන්ම 2021 වසරේ විස්සයි20 ලෝක කුසලාන ශූරතාව ද දිනාගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම්වල සාමාජිකයෙකු වීමට ඔහුට හැකි විය.

ඔස්ට්‍රේලියාව පරදා ඇෆ්ගනිස්ථානය ඉතිහාසය අලුතින් ලියයි - හොංකොං සීක්සස් කිරුළ මුල්වරට දිනාගනී

ඔස්ට්‍රේලියාව පරදා ඇෆ්ගනිස්ථානය ඉතිහාසය අලුතින් ලියයි - හොංකොං සීක්සස් කිරුළ මුල්වරට දිනාගනී

විශේෂයෙන් සීමිත පන්දුවාර ක්‍රිකට් පිටියේ ප්‍රබල පිතිකරුවෙකු ලෙස නමක් දිනා සිටි මැක්ස්වෙල්, 2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේදී ඇෆ්ගනිස්ථානයට එරෙහිව නොදැවී ලකුණු 201ක් රැස්කරමින් ඉතිහාසගත ඉනිමක් ක්‍රීඩා කළේය.

එය එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ අමතක නොවන ඉනිමක් ලෙස සැලකේ. ඔහු එක්දින ජාත්‍යන්තර තරගවලදී ලකුණු 3,990ක් රැස්කර ඇති අතර, එහි ප්‍රහාරාත්මක වේගය 126.7කි.

විස්සයි20 ජාත්‍යන්තර තරගවලදී ලකුණු 2,897ක් රැස්කර ඇත්තේ 154.4ක ප්‍රහාරාත්මක වේගයක් සමඟිනි. ජාත්‍යන්තර ශතක 10ක් සහ කඩුලු 136ක් දවාගැනීමට සමත්ව ඇති මැක්ස්වෙල්, ඕස්ට්‍රේලියාවෙන් බිහිවූ විශිෂ්ට තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය අවසන් කරයි.

සයිෆර්ට්ගේ සහ ෆිලිප්ස්ගේ ප්‍රහාරයෙන් ඉන්දියාව පරදා නවසීලන්තයට සුපිරි ජයක් - තරගාවලිය 3-2ක් ලෙස නවසීලන්තය ජයගනී

සයිෆර්ට්ගේ සහ ෆිලිප්ස්ගේ ප්‍රහාරයෙන් ඉන්දියාව පරදා නවසීලන්තයට සුපිරි ජයක් - තරගාවලිය 3-2ක් ලෙස නවසීලන්තය ජයගනී