වංචා කළ අයට වැඩ වරදින ලකුණු! - මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත සියල්ල වලානේ නිලධාරීන් අතට

Report

නාරාහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ අන්තර්ගතව තිබූ සියලු දත්තවල පිටපතක් ලබාගැනීමට වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ නිලධාරීන් සහ පරිගණක විශේෂඥ කණ්ඩායමක් සමත්ව තිබේ.

පොලිසිය සඳහන් කළේ මෙම දත්ත ලබාගැනීමේ ක්‍රියාවලිය සඳහා පැය 24කට අධික කාලයක් ගතවූ බවයි.

ඒ අනුව, අදාළ පරිගණක පද්ධතියේ අභ්‍යන්තර දත්ත පද්ධතියට පිවිසෙමින් ඉතා ආරක්ෂිතව සියලු දත්ත පිටපත් කර ගැනීමට විශේෂඥ කණ්ඩායම කටයුතු කර ඇත.

මෙලෙස ලබාගත් දත්ත සමුදාය ඔස්සේ ඉදිරියේදී පුළුල් හා ගැඹුරු විශ්ලේෂණයක් සිදුකිරීමට නියමිත බවද පොලිසිය සඳහන් කරයි.

මේ අතර, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතිය තුළ තිබූ ඇතැම් තොරතුරු වෙනස් කර ඇති බවටද තොරතුරු අනාවරණ වී තිබේ.

ඒ අනුව, පද්ධතිය තුළ සිදුවී ඇති බව කියන අක්‍රමිකතා සහ දත්ත වෙනස් කිරීම් සම්බන්ධයෙන් සිදුකරන විශ්ලේෂණය මගින් සත්‍ය තොරතුරු අනාවරණ කරගැනීමට හැකිවනු ඇතැයි පොලිසිය වැඩිදුරටත් විශ්වාසය පළ කරයි.

පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ වෙයි - අද විශේෂ කාරක සභාවක් පත්කිරීමේ යෝජනාවකුත්

පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ වෙයි - අද විශේෂ කාරක සභාවක් පත්කිරීමේ යෝජනාවකුත්

යෝෂිත රාජපක්ෂගේ නඩුවෙන් ඩේසි ෆොරස්ට් නිදහස් - මෙන්න විස්තරේ

යෝෂිත රාජපක්ෂගේ නඩුවෙන් ඩේසි ෆොරස්ට් නිදහස් - මෙන්න විස්තරේ