මුරාසු' සුළි කුණාටුව ඉන්දියාවට කඩා වදී - බෙංගාල බොක්කේ ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු එළියක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් මෙම නිවේදනය නිකුත් කරනු ලැබේ. 'මුරාසු' (Murasu) සුළි කුණාටුව මේ වන විට ඉන්දියානු ගොඩබිමට ඇතුළු වී ඇති අතර, එය තවදුරටත් උතුරට බරව වයඹ දෙසට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙම පද්ධතිය අද (නොවැම්බර් 03) පෙ.ව. 11.30 වන විට සාමාන්‍ය සුළි කුණාටුවක් දක්වාත්, ප.ව. 11.30 වන විට ගැඹුරු පීඩන අවපාතයක් දක්වාත් ක්‍රමයෙන් දුර්වල වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
කෙසේ වෙතත්, පහත සිතියමේ දක්වා ඇති මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 65–75 දක්වා ඉහළ යා හැකිය.
එමෙන්ම ගිගුරුම් සහිත තද වැසි ඇති වීමේ හැකියාව ද පවතී. ඒ හේතුවෙන් අදාළ මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බැවින් ධීවර හා නාවික ප්‍රජාව මේ පිළිබඳව දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස දැනුම් දෙනු ලැබේ.
ධීවර හා නාවික ප්‍රජාව සඳහා උපදෙස් බෙංගාල බොක්කේ ගැඹුරු මුහුදු ප්‍රදේශවල යාත්‍රා කිරීමේදී විශේෂ අවධානයෙන් කටයුතු කරන්න. පවතින කාලගුණික තත්ත්වයන් පිළිබඳ නිරන්තර අවධානය යොමු කරන්න. අනතුරුදායක මුහුදු ප්‍රදේශවලට යාත්‍රා කිරීමෙන් වළකින්න.
