පරිභෝජනයට නුසුදුසු තිරිඟු පිටි තොගයක් අල්ලයි

By Shehan Mar 06, 2025 02:28 AM GMT
Shehan

Shehan

Report

වෙළෙඳපොළට නිකුත් කිරීම සඳහා සුදානම් කර තිබු මිනිස් පරිභෝජනයට නුසුදුසු තිරිඟු පිටි තොගයක් වත්තල, උස්වැටකෙයියාව ප්‍රදේශයේ ගබඩාවක තිබී සොයාගෙන තිබේ.

 අදාළ තිරිඟු පිටි ඇසුරුම් වෙළදපොළට නිකුත් කිරීමට සූදානම් කර තිබියදී ඊයේ සොයාගෙන ඇත්තේ.

පිටකොටුව ප්‍රදේශයේ සිදුකරන ලද වැටලීමකදී අනාවරණය කරගත් තොරතුරු මත අදාළ තිරිඟු පිටි තොගය සොයා ගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසුවේය.

එහිදි එම ගබඩාව තුළ තිබී වෙළෙඳපොළට නිකුත් කිරීම සඳහා සුදානම් කර තිබු මිනිස් පරිභෝජනයට නුසුදුසු තිරිඟු පිටි ටොන් 750ක් සොයාගෙන තිබේ.

අදාළ පිටිවල නිෂ්පාදිත දිනය පසුගිය වසරේ මාර්තු සහ මැයි මාස ලෙසත් කල් ඉකුත් වීමේ දිනය මේ වසරේ මාර්තු සහ මැයි මාස ලෙසත් සඳහන් කර තිබු අතර ඒවා දැඩි කෘමි ආසාදනයට ලක්ව තිබු බව සඳහන්ය.

මෙවැනි නුසුදුසු ආාහර නැවත පිළියෙල කර අළෙවි කිරීමට ඉඩ ඇති බැවින් එවැනි ක්‍රියාවන් වැළැක්වීමට ද පාරිභෝගික අධිකාරිය කටයුතු කරන බැවින් එවැනි වංචනික වෙළඳුන් සම්බන්ධව තොරතුරු ඇත්නම් වහාම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට දැනුම් දෙන ලෙස එම නිලධාරීන් ඉල්ලා සිටියි.

ReeCha