WhtsApp භාවිතා කරන හැමෝටම විශේෂ දැනුම් දීමක්...අවධානයෙන් සිටින්න.
Online මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් නයිජීරියානු ජාතිකයින් දෙදෙනෙකු දෙහිවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් සයිබර් අපරාධ කොට්ඨාශයට ලැබුණු පැමිණිල්ලකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.
මෙම සැකකරුවන් කාන්තාවක් ත්‍යාගයක් දිනාගත් බව පවසමින් ඇයට WhtsApp පණිවිඩයක් යවා ඇතැයි වාර්තා වනවා.
ත්‍යාගය ලබා ගැනීම සඳහා විශාල මුදලක් තැන්පත් කරන ලෙස ඔවුන් පසුව කාන්තාවගෙන් ඉල්ලා තිබෙනවා.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැප්තැම්බර් 24 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තණ්ඩුව මහතා කොලම්බෝ ටයිම්ස් වෙත පැවසුවා.
මෙම සබැඳි වංචාවන් පිළිබඳව අවධානයෙන් සිටින ලෙසත් ඒවාට ගොදුරු නොවන ලෙසත් ඔහු මහජනතාවගෙන් ඉල්ලීමක් කළා.
Gagana.lk WhatsApp සමූහය තුළ සිටින ඔබගේ දුරකථන අංකයට අපගේ පුවත් වලට අමතරව පුද්ගලික ප්‍රවර්ධන ඇමතුම් හෝ පණිවිඩ විවිධ පුද්ගලයන් විසින් යොමු කරන්නේ නම් පහත අංක අමතා ඒ බව දැනුම්දෙන්න.
ඔබ වෙත පැමිණෙන එවැනි ඇමතුම් හෝ පණිවිඩ පිරමීඩ ක්‍රමයේ ව්‍යාපාර විය හැකි බැවින් එවැනි නිත්‍යානුකූල නොවන වංචාසහගත ව්‍යාපාර වලට හසු නොවන ලෙසද මතක් කරමු.
එමෙන්ම එලෙස පැමිණෙන Link Click කිරීම හරහා ඔබගේ පෞද්ගලික තොරතුරු හෝ දුරකථනයට හානිකර විය හැකියි.
මෙය ශ්‍රී ලංකා පොලීසියේ සයිබර් අපරාධ අංශයේ දුරකථන අංකය වන අතර Facebook හරහා ඔබව අපහසුතාවයට පත්කරන පුද්ගලයන් සම්බන්ධවද පැමිණිලි ඉදිරිපත් කළ හැක.
011 – 232 01 41 / 011 597 8711 එමෙන්ම ඔබට කරදරකාරී ලෙස පැමිණෙන ඇමතුම් හෝ පණිවිඩ ලබාදෙන අංකය WhatsApp තුළ ඇති Report පහසුකම හරහා Report කිරීමෙන්, එම අංකයට නැවත WhatsApp ගිණුමක් සෑදිය නොහැකි ලෙස එම අංකය තහනම් කිරීමට WhatsApp ආයතනය කටයුතු කරනු ලබයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |