Whatsapp පාවිච්චි කරන හැමෝටම අනතුරු ඇඟවීමක්..දැඩි අවධානයෙන් සිටින්න(PHOTOS) .

Sri Lanka Colombo Internet Whatsapp New media
By Aruna Sep 19, 2021 11:10 AM GMT
Aruna

Aruna

Report
245 Shares

කොළඹ පදිංචිව සිටින කිහිප දෙනෙකුගේ WhatsApp ගිණුම් කිහිපයක් හැක් කිරීමට ලක්වා ඇතැයි තොරතුරු වාර්තා වනවා.

මෙලෙස හැක් කිරීමෙන් අනතුරුව අදාළ යෙදවුම හරහා දුරකතනයෙන් ඇති ඡායාරූප, බැංකුව විස්තර ඇතුළු පෞද්ගලික තොරතුරු රැසක් හැකර්වරුන් විසින් සොයාගෙන ඇති බව ද සඳහන්.

ඔබගේ දුරකථනය වෙත ලැබි ඇති, කේතයක් ඉල්ලමින් මොවුන් සිය සංවාදය ආරම්භ කර තිබෙනවා.

එම පණිවුඩයට ප්‍රතිචාර දැක්වීමෙන් අනතුරුව WhatsApp ගිණුම් හැක්වීමට ලක් වන බවයි වාර්තා වන්නේ.

මීට පෙර ද මෙවැනි අවස්ථා කිහිපයක් වාර්තා වූ බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව කියා සිටියා.

එම සභාව කියා සිටියේ, මෙවැනි කෙටි පණිවුඩ සඳහා ප්‍රතිචාර නොදක්වා සිටීම වඩාත් යහපත් බවයි. මෙවැනි අපහසුතා හේතුවෙන්, 2017 වසරේ දී WhatsApp සමාගම විසින් two-step verification ක්‍රමවේදය හඳුන්වා දුන්නා.

මෙම ක්‍රමවේදය හරහා, වෙනත් අයෙකුට අනවසරයෙන් WhatsApp ගිණුමට පිවිසීමට හැකි වන්නේ නැහැ.

පහත පියවර අනුගමනය කරමින්, two-step verification ක්‍රමවේදය සක්‍රීය කරගැනීමේ හැකියාව ඔබට පවතිනවා.

Settings -> Account -> two-step verification.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGallery