මුළු ලෝකයෙන්ම Whatsapp අලුත් වෙයි...ඉලක්කම් 64ක මුරපදයක්.

Sri Lanka Facebook Whatsapp Marks sakaberk
By Aruna Oct 15, 2021 08:17 AM GMT
Aruna

Aruna

Report
573 Shares

අද සිට Android සහ iOS යන දුරකථන දෙකෙහිම WhatsApp Cloud Backups සඳහා නවතම End-to-end Encrypted ක්‍රමය හඳුන්වා දී තිබෙනවා.

පසුගිය වසර පහ තුළ ද WhatsApp විසින්ම මෙය Default සංකේතගත කර තිබුණා. කෙසේ වෙතත්, දැන්, ඔබේ Backups සඳහා ඔබට End-to-end Encrypted සංකේතනය ක්‍රියාත්මක කළ හැකි වනවා.

WhatsApp හිමිකරු වන මාක් සකර්බර්ග් සිය Facebook නිවේදනයේ සඳහන් කර ඇත්තේ මෙය පාරිභෝගිකයා විසින් සකස් කර ගත යුතු බවයි.

ඒ අනුව එය සිදු කරන ආකාරය වන්නේ Settings > Chats > Chat Backup > End-to-end Encrypted Backup ලෙසයි.

මෙහිදී ඔබ කැමති මුරපදයක් හෝ ඔබ පමණක් දන්නා ඉලක්කම් 64ක සංකේතාංකන මුර පදයක් භාවිතා කිරීමට සිදුවනවා.

ඔබ ඒ සියල්ල සැකසූ පසු, ඔබේ යතුර හෝ මුරපදය නොමැතිව WhatsApp හෝ ගූගල්ට හෝ ඇපල් සමාගමට ඔබේ Backups කියවීමට නොහැකි වීම විශේෂත්වයක් වනවා.

එනම් එවැනි පරිමාණයකින් මෙතරම් ආරක්‍ෂාවක් ලබා දෙන එකම ගෝලීය පණිවිඩ සේවාව WhatsApp බව වැඩිදුරටත් එම පණිවිඩයේ සඳහන්.

WhatsApp End-to-end Encrypted Backup කිරීමට ඉඩ සලසන නව විශේෂාංගය Android හෝ iOS සඳහා නවතම WhatsApp සංස්කරණයන්ට ඇතුලත් කර ඇති අතර එමගින් මෙම සේවාව සෙමින් සෙමින් ව්‍යාප්ත වනු ඇති බවට අදහස් පළකරනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now