රටේම අවධානය යොමුවූ වඳුරව නිධානයෙන් හමුවූ විශේෂ දේ..මුළු රටේම ණය ගෙවා දමන්න පුළුවන් වෙයි?(VIDEO)

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police Sri Lanka Politician Government Of Sri Lanka
By Aruna Nov 23, 2024 02:54 AM GMT
Aruna

Aruna

Report

වේයන්ගොඩ - වඳුරව ප්‍රදේශයේ, ඉදිවෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගය ආසන්නයේ පොළොව යට ඇති නිධානයක් සොයා මේ වන විට කැණීම් කටයුතු සිදු කරමින් පවතිනවා.

මේ අනුව, වඟුරු සහිත භූමියක් ආශ්‍රිතව අධිකරණ නියෝගයක් මත නිධානයක් සොයා ආරම්භ කළ කැණීම් කටයුතු අද (23) දිනයේත් සිදු කිරීමට නියමිතව තිබෙන බවයි වාර්තා වන්නේ.

වේයන්ගොඩ පොලීසිය පවසන්නේ, ඉදිකරමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගය ආසන්නයේ පිහිටි ස්ථානයක මෙම කැණීම් කටයුතු ආරම්භ වූ අතර, අද තෙවන දිනටත් එම කටයුතු සිදු කිරීමට නියමිත බවයි.

මෙහි නිධානයක් ඇති බව පවසමින් වසර ගණනාවක සිට අවස්ථා කිහිපයකදීම මෙම ස්ථානය නිදන් හොරුන් විසින් හාරා ඇති අතර මේ ආකාරයෙන් කැනීම් සිදුකළ චීවරධාරියෙකු ඇතුළු නව දෙනකු මේ වන විට රිමාන්ඩ් භාරයේ පසුවන බව,පොලිසිය සදහන් කළා.

අස්වැසුම සුබසාධක වැඩ සටහනට තව දින කිහිපයකින් සිදුවන දේ මෙන්න..

අස්වැසුම සුබසාධක වැඩ සටහනට තව දින කිහිපයකින් සිදුවන දේ මෙන්න..


මීට පෙර ද අදාළ ස්ථානයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සිදුකළ පරීක්ෂණ කටයුතුවලදී මෙහි නිධානයක් නොමැති බවට තොරතුරු හෙළිවූ බවයි වාර්තා වුණේ.

කෙසේ වෙතත්, පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් සිදුකළ පරීක්ෂණයකදී අනාවරණය වී ඇත්තේ කිසියම් දෙයක් පොළොව අභ්‍යන්තරයේ තිබෙන බවය.

ඒ අනුව අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය, ආණ්ඩුවේ රස පරීක්‍ෂක කාර්යාලය, මීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු ආයතන එක්ව මෙම කැණීම් කටයුතු ආරම්භ කර ඇති බවයි සදහන් වන්නේ.

2022 සිට 2025 දක්වා මාදිලියට අයත් වාහන වර්ගයක් හදිසියේම ආපසු කැඳවයි..

2022 සිට 2025 දක්වා මාදිලියට අයත් වාහන වර්ගයක් හදිසියේම ආපසු කැඳවයි..


රාජ්‍ය ආයතනවල මැදිහත්වීමෙන් මෙරටදී සිදු කරන පළමු නිධන් කැණීම් අවස්ථාව මෙය වීමද විශේෂ්වයක්.

ඒ අනුව, මේ වන විට එහි අඩි 20 කට අධික ගැඹුරකට කැණීම් සිදුකර ඇති අතර, මේ වන විට විශාල විශ්කම්භයකින් යුත් ගලක් මතුව තිබේ.

අප වාර්තාකරු සදහන් කළේ, එය පුපුරුවා හැරීම සදහා දැනට කටයුතු කරමින් සිටින බවයි.

කැනීම් කටයුතු සිදු කිරීමට දින දෙකකට පමණක් අධිකරණය මගින් අවසර ලබාදී තිබුණ ද අද දිනයේ යළි කැනීම් කටයුතු සිදු කිරීමට නම් අධිකරණයේ සහාය පැතිය යුතු බවයි ඊයේ දිනයේ සඳහන් කළේ.

අද වැල්ලේ බඹරෙත් කැරකෙන සුපිරි ග්‍රහ යෝගයක්..ලග්න 06 කට මල් 07යි..ලග්න 03කට රතු එළියක්..

අද වැල්ලේ බඹරෙත් කැරකෙන සුපිරි ග්‍රහ යෝගයක්..ලග්න 06 කට මල් 07යි..ලග්න 03කට රතු එළියක්..


ඒ අනුව යළි කැනීම් සිදු කිරීම ආරම්භ කරන තෙක් ආරක්ෂක අංශ ඇතුලු රජයේ නිලධාරීන් එම ස්ථානයේ සිටින බවයි වාර්තා වන්නේ.



You may like this video


ReeCha