සිරුරේ ඔක්සිජන් අඩු වුණොත් මොකද වෙන්නේ?
ඔක්සිජන් නෑ කියන්නේ අපිට ජීවත් වෙන්නත් බෑ. කලින් ලිපියකින් අපි කතා කළා මතක ඇති අපිට නැතුව බැරි ඔක්සිජන් වැඩි වුණාම අපට මොකද වෙන්නේ කියලා. ඒ වගේම තමයි ඔක්සිජන් අඩු වුණාමත් අපි ලෙඩ වෙනවා, අඩපණ වෙනවා. ඉතින් හොයන්න යන්නේ සිරුරේ ඔක්සිජන් අඩු වෙන්න බලපාන හේතු 3ක් ගැනයි.

ආම්ලිකතාවය වැඩිවීම

ආම්ලිකතාවය වැඩිවන විට රුධීරයේ පැවතිය යූතුවන භාෂ්මිකතාව නැතිවීයනවා. ටිකක් හෝ භාෂ්මිකතාව අඩුවුවහොත් ශරීරය නිසි ලෙස ක්‍රියා කරන්නේ නැහැ.
කෙණ්ඩා පෙරලෙනවා, තෙහෙට්ටුව දැනෙවනවා. නිදිමතයි. මේ වාගේ බොහෝම රෝග ලක්ෂණ පහල වෙනවා.
මේ වෙලාවට භාෂ්මික ආහාර ගැනීම අවශ්‍යයි. විශේෂයෙන් කැල්සියම් සහ මැග්නීසියම් බහුල ආහාර. චීස්, වට්ටක්කා ඇට, කේල් (කාපිරි ගෝවා) වැනි ආහාර.
නැතිනම් ස්වභාවික සප්ලිමන්ට් එකක් ගන්න වෙනවා. හැබැයි වෛද්‍ය නිර්දේශයකින් තොරව මෙම සප්ලිමන්ට් ගන්න එපා.
සිරුරේ ආම්ලිකතාව වැඩි වූ විට සිදුවන තවත් එක් අභාග්‍ය සම්පන්න කාරණයක් තමයි ප්‍රතිශක්තිය දුර්වල වීම. මෙම තත්වය වෛරස් බැක්ටීරියා ආසාදන වල සිට පිළිකා ඇතිවීම සිදු වෙන්න පුළුවන්.
විටමින් C ඌණතාව

විටමින් C ඌණතාවය නිසාත් ඔක්ෂීජන් අඩුවෙනවා.
විටමින් C නැති වුනාම යකඩ අවශෝෂනය වෙන්නේ නැහැ. මේ නිසා ක්‍රම ක්‍රමයෙන් යකඩ ඌණතාවයක් ඇති වෙනවා. හිමෝග්ලොබින් අඩුවෙනවා.
මේ නිසා රුධීරයේ ඔක්සිජන් අඩුවීමක් සිදුවෙනවා.
කෑම සමඟ විටමින් C සහිත ආහාරයක් ගැනීම ඉතාමත් සුදුසුයි.
විටමින් C ගබඩා කර තබන්නේ ඇඩ්රිනල් ග්‍රන්ථි වලයි. ඇඩ්රිනල් ග්‍රන්ථි දුර්වල වීම නිසාද විටමින් C ඌණතාවය එනවා. ඒ සදහා වෙනම ප්‍රතිකාර කල යුතුයි.
විටමින් C දෙහි, ලෙමන්, බෙල්පෙපර් වගේ ආහාර සහ පලතුරු වර්ග වල ඇති අතර මේවා දෛනිකව ආහාරයට ගත යුතුයි.
විටමින් E
[
විටමින් E ඔක්සිජන් අවශෝෂනය කරන්නට ඉතාමත් වැදගත් වෙනවා.
විටමින් E වැඩිවශයෙන් කදු නගින අය භාවිතා කරන්නේ ඒ නිසයි.
මුහුදු මට්ටමෙන් ඉහලට යන විට ඔක්ෂිජන් ප්‍රමාණය අඩුවෙනවා. මේ නිසා වැඩිපුර ඔක්ෂිජන් පෙණහලු වලින් අවශෝෂනය කල යුතු වෙනවා. මේ නිසා තමයි කදු නගින අය විටමින් E වැඩි වශයෙන් ගන්නේ.
විටමින් E ඇට වර්ග, එළවලු, අලිගැටපේර වල තියෙනවා. මේවා දිනපතා ආහාරයට ගැනීමෙන් විටමින් E ඌණතාවයෙන් මිදෙන්නට පුළුවන්.