කියුබානු මුහුදු සීමාවට ඇතුළු වූ පිරිසකට වෙඩි - 4ක් මරුට

By Kanchana Feb 26, 2026 05:13 AM GMT
Report

අමෙරිකා එක්සත් ජනපදයේ ලියාපදිංචි වී ඇති වේග යාත්‍රාවකින් කියුබානු මුහුදු සීමාවට ඇතුළු වූ පිරිසකට එරට වෙරළ ආරක්ෂක නිලධාරින් විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් ඇත.   

එහිදි තවත් පුද්ගලයින් හය දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

කියුබානු රජය සදහන් කරන්නේ කියුබාවේ උතුරු වෙරළ තීරයේ පිහිටි දූපතක් ආසන්නයේ වේග ප්‍රහාරක යාත්‍රාවකින් පැමිණි පිරිසකට සිය ආරක්ෂක අංශ විසින් වෙඩි තබා ඇති බවයි.

තුර්කියේ ජෙට් යානයක් කඩා වැටී බිහිසුණු අනතුරක් - නියමුවා ජීවිතක්ෂයට

තුර්කියේ ජෙට් යානයක් කඩා වැටී බිහිසුණු අනතුරක් - නියමුවා ජීවිතක්ෂයට

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මාකෝ රුබියෝ පවසා ඇත්තේ යාත්‍රාවේ සිටි පුද්ගලයින් කවුරුන්ද යන්න මෙතෙක් තහවුරු වී නොමැති බව වේ.

  තවද මෙම අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කරමින් සිටින බව අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ප්‍රකාශ කර තිබේ.