කෙරවලපිටිය අධිවේගී පිවිසුම අසල ගින්නක්

Report

කෙරවලපිටිය අධිවේගී පිවිසුම අසල කසළ ගොඩක ගින්නක් හටගෙන ඇත කෙරවලපිටිය අධිවේගී මාර්ග පිවිසුම ආසන්නයේ මේ වන විට ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ.

 එම ස්ථානයේ ගොඩගසා තිබූ කසළ ගොඩකින් මෙම ගින්න ආරම්භ වී ඇති බවයි.

අතහැර දැමූ බෝට්ටුවේ අබිරහසක් ඉතිරි කර මිය ගිය තරුණියකගේ මළ සිරුරක්

අතහැර දැමූ බෝට්ටුවේ අබිරහසක් ඉතිරි කර මිය ගිය තරුණියකගේ මළ සිරුරක්

මේ වන විට ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ දෙකක් ස්ථානයට යොමු කර ඇති අතර, ගින්න පාලනයට ගැනීමේ මෙහෙයුම් දිගටම සිදුවෙමින් පවතී.

මෙම සිදුවීම හේතුවෙන් මාර්ග ගමනාගමනයට බලපෑමක් ඇතිවීමේ අවදානමක් පවතින බැවින්, එම ප්‍රදේශය හරහා ගමන් කරන ජනතාව විශේෂයෙන් අවධානය යොමු කරන ලෙස බලධාරීන් ඉල්ලා සිටී.

වැඩිදුර තොරතුරු ලැබෙන විට ඒවා යාවත්කාලීන කරනු ඇත.

කොළඹ වරාය 2026 වසර ශක්තිමත්ව ආරම්භ කරයි - ප්‍රතිනැව්ගත කිරීම 15% කින් ඉහළ යයි

කොළඹ වරාය 2026 වසර ශක්තිමත්ව ආරම්භ කරයි - ප්‍රතිනැව්ගත කිරීම 15% කින් ඉහළ යයි