ලාෆ්ස් සමාගමෙන් දැනුම්දීමක්

Report

ලාෆ්ස් සමාගම අනිද්දා (28) සිට ගෑස් වෙ‍ළෙඳපොළට නිකුත් කරන බව සදහන් කර තිබේ .

ඒ වගේම තවත් නෞකා 4 ක් ලබන මාසයේ දිවයිනට ළඟා වන බව එම සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී නලින්ද කුරුකුළසූරිය මහතා සදහන් කර තිබේ.

ලාෆ්ස් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී නලින්ද කුරුකුළසූරිය ගෑස් හිඟය සඳහා හේතු වු කරුණු පිළිබඳව පැහැදිලි කර තිබේ.

 තවද ඊයේ ගෑස් මෙට්‍රික් ටොන් 3900 ක් රැගන ආ නෞකාවේ ගෑස්  ඊයේ   දින දිවයිනපුරා බෙදා හැරීමට කටයුතු කරන බව ලිට්‍රෝ සමාගම සදහන් කර ඇත.

මේ දිනවල දෛනිකව ගෑස් සිලින්ඩර් එක් ලක්ෂ 50000 ක් වෙළෙඳපොළට නිකුත් කරන බව එහි සභාපති චන්න ගුණවර්ධන සඳහන් කරයි.

තවද ලාෆ්ස් ගෑස් හිගය හේතුවෙන් බලපෑමට ලක්ව ඇති සංචාරක හෝටල් සහ කාර්මාන්ත පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ගෑස් නිකුත් කිරීමට ද ලිට්‍රෝ සමාගම පියවර ගත් බවද සභාපතිවරයා ප්‍රකාශ කරන ලදි.

ඒ වගේම ගෘහස්ථ ගෑස් අවශ්‍යතාව සපුරාලීම සඳහාද අඛණ්ඩව සැපයුම් නිකුත් කරනු ඇත.

සභාපතිවරයා සඳහන් කළේ හෙට දින ද තවත් ගෑස් නෞකාවක් දිනවයිනට ළගා වීමට නියමිත බවය.