හමුදා සෙබළාට දිවි අහිමි කළ යතුරු පැදි අනතුර
By Kanchana
අම්පාර උහන සමන බැද්ද පිරිවෙන ආසන්නයේ උහන ප්‍රදේශයේ සිට අම්පාර දක්වා ධාවනය වෙමින් යතුරු පැදියක් පාරෙන් ඉවතට පැන අධිවේගි විදුලි රැහැන් කණුවක වැදිමෙන් පැදිකරු මියගොස් තිබෙන බව පොලිසිය සදහන් කරයි.
මෙම අනතුර ඊයේ( 25 ) සිදුවි ඇති අතර පසුව මාර්ගයේ ගමන් ගත් මොටර් රථයක තුවාලකරු අම්පාර මහා රෝහලට ගෙනැවිත් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ ශ්‍රිලංකා යුද හමුදාවේ විදුලි සහ යාන්ත්‍රික බලඇණියේ ආර් එච් උදික මලින්ද රණසිංහ 22 හැවිරිදි යුධ හමුදා සෙබළෙකි.
පොලිසිය සදහන් කළේ ඔහු ශ්‍රිලංකා යුද හමුදාවේ මුලතිව් කදවුරේ සේවය කරන යුද හමුදා සෙබළෙක් බවයි .
මෙම සෙබළා නිවාඩුවට පැමිණ පොලාන්නරුවේ පුංචි අම්මාගේ නිවසට ගොස්ම නැවත මහියංගනය තම මිත්තණියද බලා අම්පාර පොල්වත්ත ප්‍රදේශයට පැමිණෙමින් සිටියදි මෙම අනතුර සිදුව තිබේ.