අතහැර දැමූ බෝට්ටුවේ අබිරහසක් ඉතිරි කර මිය ගිය තරුණියකගේ මළ සිරුරක්
ගල්කිස්ස රත්මලාන මුහුදු තීරයේ අත්හැර දමන ලද ධීවර යාත්රාවක් තුළින් සැකකටයුතු ලෙස මියගොස් සිටි තරුණියකගේ මළ සිරුරක් සොයාගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය සඳහන් කරයි.
මියගොස් ඇත්තේ වයස අවුරුදු 24ක් පමණ වන තරුණියක් බව පොලිසිය ප්රකාශ කළේය.
ගල්කිස්ස පොලිසියට ලද තොරතුරක් මත සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මෙම මළ සිරුර හමුවී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස මූලස්ථාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරමින් පවතී.