අන්තිම සටනේ සරත් ෆොන්සේකා හිටියේ නැද්ද? ෆොන්සේකාට යුද්ධේ අවසානේ ගැන අවබෝධයක් නෑ - ගෝඨාභය තමයි උපදෙස් දුන්නේ [VIDEO]

Report

යූටියුබ් නාලිකාවක් හා එක්වෙමින් පිවිතුරු හෙල උරුමයේ නායක, නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසන්නේ යුද්ධය අවසන් වූ තීරණාත්මක මොහොතේදී එවකට හමුදාපතිවරයාව සිටි සරත් ෆොන්සේකා මහතාට ඒ පිළිබඳව කිසිදු අවබෝධයක් නොතිබූ බවයි.

යුද්ධය අවසන් වන අවස්ථාවේදී ඔහු ලංකාවේ පවා නොසිටි බවත්, මෙය ඔහුගේ යුද අවබෝධය පිළිබඳ ගැටලුවක් බවත් යුද්ධය අවසන් වීමට නියමිතව තිබූ තීරණාත්මක සතියේ යුද්ධය සඳහා අවශ්‍ය කරන ආයුධ මිලදී ගැනීමට සරත් ෆොන්සේකා මහතා සිටියේ චීනයේ සංචාරයක නිරත වෙමින් සිටි බවත් උදය ගම්මන්පිල මහතා පවසයි.

වැලිකඩට දැම්මට වැලිකඩ ඉඩමත් අයිති රනිල්ගේ පවුලට - රනිල් කියන්නෙ ලේසි බඩුවක් නෙමෙයි - හිරේට දැම්මොත් සාපේ වදිනවා

වැලිකඩට දැම්මට වැලිකඩ ඉඩමත් අයිති රනිල්ගේ පවුලට - රනිල් කියන්නෙ ලේසි බඩුවක් නෙමෙයි - හිරේට දැම්මොත් සාපේ වදිනවා

ඉදිරි සතියක වැනි කෙටි කාලයක් තුළ යුද්ධය අවසන් වන බවට හමුදාපතිවරයාට නිසි ඇගයීමක් හෝ අවබෝධයක් තිබුණේ නම්, ඔහු කිසිසේත්ම ආයුධ මිලදී ගැනීමට විදේශගත නොවන බවත් අවසන් වීමට යන යුද්ධයකට ආයුධ මිලදී ගැනීමට යාම "බොරු වැඩක්" බවත්, එයින්ම ඔහුට යුද්ධයේ අවසානය පිළිබඳ වැටහීමක් නොතිබූ බව තහවුරු වන බවත් ඔහු පවසයි.

ගම්මන්පිල මහතා වැඩිදුරටත් පවසන්නේ තීරණාත්මක මෙහෙයුම්වලින් බැහැරව සිටීම යුද්ධයේ ආරම්භය සහ අවසානය යන අවස්ථා දෙකේදීම සරත් ෆොන්සේකා මහතා සෘජු දායකත්වයෙන් බැහැරව සිටි බවයි.

යුද්ධය ආරම්භ වූ මාවිල්ආරු මෙහෙයුම සිදුවන විට ෆොන්සේකා මහතා කොටි බෝම්බ ප්‍රහාරයකින් තුවාල ලබා සිංගප්පූරුවේ ප්‍රතිකාර ලබමින් සිටි අතර යුද්ධය අවසන් වන විට ඔහු චීනයේ සිටීම නිසා, එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට සිදුවූයේ යුද බිමේ සිටි සෙන්පතියන්ට සෘජුවම උපදෙස් ලබා දෙමින් යුද්ධය මෙහෙයවීමට බව ඔහු පවසයි.

ලොකු ප්‍රශ්ණයක් - නාමල් රාජපක්ෂට බ්‍රිතාන්‍යයේ දෙමළ ශිෂ්‍ය සංවිධානවලින් දැඩි විරෝධතා - මෙන්න විස්තරේ

ලොකු ප්‍රශ්ණයක් - නාමල් රාජපක්ෂට බ්‍රිතාන්‍යයේ දෙමළ ශිෂ්‍ය සංවිධානවලින් දැඩි විරෝධතා - මෙන්න විස්තරේ

යුද්ධය කඩිනම් කිරීමේ තීරණය ජාත්‍යන්තර පීඩනය සහ එවකට එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන් කී මූන්ගේ මැදිහත්වීමෙන් සටන් විරාමයක් ඇති වීමට තිබූ ඉඩකඩ වැළැක්වීමට දේශපාලන නායකත්වය තීරණය කළ බවත්, ඒ අනුව යුද්ධය කඩිනම් කරන ලෙස උපදෙස් දුන් බවත් ගම්මන්පිල මහතා පවසයි.

මෙහිදී ආරක්ෂක ලේකම්වරයා මේජර් ජෙනරල් ප්‍රසන්න සිල්වා වැනි ක්ෂේත්‍රයේ සිටි සෙන්පතියන් ලවා යුද්ධය කඩිනම් කරවූ බවත්, සරත් ෆොන්සේකා මහතා ඒ වන විටත් රටේ නොසිටි නිසා ඔහුට ඒ පිළිබඳව පූර්ව දැනුමක් නොතිබූ බවත් ඔහු අවධාරණය කළේය.

මේ අනුව, සරත් ෆොන්සේකා මහතා යුද හමුදාපති තනතුරේ සිටියද, යුද්ධය අවසන් වූ ආකාරය සහ ඒ සඳහා ගත් තීරණාත්මක දේශපාලන හා යුද උපක්‍රම පිළිබඳව ඔහුට නිසි අවබෝධයක් නොතිබූ බව උදය ගම්මන්පිල මහතා පවසයි.

කොටි කොච්චර කෑ ගැහුවත් අපි ලන්ඩන් යනවා.. නාමලුත් ලෑස්තියි - මිලින්ද කියයි

කොටි කොච්චර කෑ ගැහුවත් අපි ලන්ඩන් යනවා.. නාමලුත් ලෑස්තියි - මිලින්ද කියයි

සර්වාංග රෝගවලට තිත තබන සිද්ධාදී වෙද මැදුර

සර්වාංග රෝගවලට තිත තබන සිද්ධාදී වෙද මැදුර