බාල ගල්අඟුරු ආනයන ආන්දෝලනය: මහජන උපයෝගිතා කොමිසම පරීක්ෂණයක් ආරම්භ කරයි
ආන්දෝලනයට ලක්ව ඇති ආනයනික බාල ගල්අඟුරු සිද්ධිය සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසම විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
යටිතල පහසුකම් හා උපායමාර්ග සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ නියෝගයකට අනුව මෙම පරීක්ෂණය ආරම්භ කර ඇති බව වාර්තා වේ.
මේ අතර, බාල ගල්අඟුරු ආනයනය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස ඉල්ලා වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා ඊයේ (25) අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
එසේම, ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු ආනයනය හේතුවෙන් ජනතාවට රුපියල් මිලියන 1,800කට අධික මුදලක පාඩුවක් පැටවී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා ප්‍රකාශ කළේය. කොළඹදී අද (26) මාධ්‍ය හමුවකදී මෙම අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.