හැමදාම කොළ කැඳ බොන කෙනෙක්ද? එහෙනම් මේක කියවන්න

By Shehan Jan 05, 2026 03:54 AM GMT
Report

කොළකැඳ කියන්නේ ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ඖෂධීය පානයක්. එය සකස් කිරීමේදී එහි ගුණාත්මකභාවය රැකගෙන, නිවැරදිව පානය කිරීමෙන් ඔබට ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභ බොහොමයි. අද අපි මේ ගැන විස්තරාත්මකව කතා කරමු. කොළකැඳ යනු රතු හාල්, නැවුම් කොළ වර්ග, කොකෝනට් කිරි සහ සමහර ඖෂධීය අමුද්‍රව්‍ය එකතු කර සකස් කරන ආහාරයක්. එය බොහෝවිට උදේ ආහාරයක් ලෙස පානය කරනවා.

හැමදාම කොළ කැඳ බොන කෙනෙක්ද? එහෙනම් මේක කියවන්න | Do You Drink Kola Kenda Daily

හැමදාම බොන්න හොඳද?

කරපිංචා, හාතවාරිය වැනි එක් වර්ගයක කොළවලින් සාදන කැඳ පාන දිනපතා පානය කිරීම නම් සුදුසු නැහැ. මොකද දිනපතා එකම කොළ වර්ගයකින් සෑදූ කැඳ පානය කරන විට සිරුරේ ප්‍රතිශක්තිය ක්‍රමයෙන් හීන වෙලා යනවා. මේ හේතුවෙන් කොළ කැඳ දින හතරකට වරක් වෙනස් කොළ වර්ගවලින් පිළියෙල කරගන්න. එක කොළ වර්ගයකට පමණක් ශරීරය හුරුවීමෙන් වසරින් වසර ක්‍රමයෙන් ප්‍රතිශක්තිය හීන වන නිසා දින 4කට වරක් වෙන කොළ වර්ගයක් තෝරා ගන්න. එවිට ශරීරය තුළින්ම ප්‍රතිශක්තිකරණයක් නිර්මාණය කර ගනියි. ඒ වගේම කොළ වර්ග කිහිපයක් වුණත් අරගෙන හදලා පුළුවන්.   

හැමදාම කොළ කැඳ බොන කෙනෙක්ද? එහෙනම් මේක කියවන්න | Do You Drink Kola Kenda Daily

අවදි වූ ගමන්ම බිව්වොත්?

නිදි පැදුරෙන්ම නැගිටලා කැඳ බොන එක හොඳ නැහැ. වතුර වීදුරුවක් එහෙම බීලා විනාඩි 20කි 3කින් වගේ බොන්න. උදෑසන ගන්නා මෝල්ට් පාන වෙනුවට කොළ කැඳ වැනි දේශීය පානයක් සාදාගැනීම වඩා ගුණදායකයි.උදෑසන ආහාර ගැනීමට පැයකට පමණ පෙර කැඳ බොන්න. විවිධ රෝගවලට ගුණදායක කොළ වර්ග හඳුනාගෙන කැඳ සාදා ගැනීමෙන් ඔබේ රෝගවලටද සුවයක් ලබාගත හැකියි. ඔබේ රෝගයට ගුණදායක වන කොළ 50%ක්ද, කොළ වර්ග 3ක්ද එකතු කරගන්න. මේ අතර ඉඳහිට ලුණු කැඳ පානයක්ද සාදා ගන්න. ලුණු හා ජලය මිශ්‍ර කර සාදන මෙම පානයේ ලුණු තරමක් අඩංගු නමුත් උදෑසන ආහාරයට ලුණු එක්කර ගැනීම අහිතකර නොවේ. නමුත් දවල් 12න් පසු ලුණු මිශ්‍ර ආහාර ගැනීමෙන් ඈත් වන්න. කැඳ පානය කිරීමටද වඩාත් සුදුසු වන්නේ උදෑසන කාලයයි. වෙනත් ක්ෂණික පාන වර්ග වෙනුවට කොළ කැඳ වැනි දේශීය ඖෂධීය පානයක් බොන්න පුරුදු වන්න. 

හැමදාම කොළ කැඳ බොන කෙනෙක්ද? එහෙනම් මේක කියවන්න | Do You Drink Kola Kenda Daily

නිවැරදිව සකස් කරගන්න ආකාරය

කොළ යුෂ සමඟ ජලය මිශ්‍ර කරන විට එහි නියමිත අනුපාත ගැනත් සිතා බලන්න. සාමාන්‍යයෙන් කොළ කැඳ පානයක් පිළියෙල කිරීමේදී කොළ යුෂ කොටස් එකකට වතුර කොටස් 4ක් මිශ්‍ර කරයි. නමුත් ඇතැම් අය වැඩි පෝෂණයට යැයි සිතා වතුර හා කොළ යුෂ 1:1 අනුපාතයට මිශ්‍ර කරනවා. හැබැයි එමඟින් අමුතුවෙන් පෝෂණයක් ලැබෙන්නේ නැහැ.ආහාර ජීර්ණයට බාධා ඇති වෙන්න පුළුවන්. ඒ වගේම දිනකට එක් පුද්ගලයකුට 200 ml කැඳ පානයක් ප්‍රමාණවත්. රතු ළූණු හා සුදු ළූණු මිශ්‍ර කැඳ පානයක් නම් කොලෙස්ටරෝල් හා අම්ල පිත්ත රෝගය වැනි රෝගවලටද ඉතාම ගුණදායකයි. කැඳ පානය වඩාත් සුදුසු වන්නේ මඳ උණුසුමෙනි. අධික උෂ්ණත්වයද කොළවල සාරය නැතිවන නිසා කැඳ පිසගත යුතු වන්නේ මඳ උණුසුමෙන්.