ලංකාවේ මිනිස්සු ගැන තිත්ත ඇත්තක් එළියට - ඔබගේ දිස්ත්‍රික්කයේ දුප්පත්කම ගැන වාර්තාවක්
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2026 ජනවාරි මාසය සඳහා නිල දරිද්‍රතා රේඛා සංඛ්‍යාලේඛන නිකුත් කර ඇති අතර, එමඟින් පුද්ගලයෙකුට මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා අවම වශයෙන් මසකට රු. 16,730 ක් අවශ්‍ය බව අනාවරණය වේ.
දත්ත වලට අනුව, මූලික මාසික අවශ්‍යතා සපුරාලීම සඳහා ඉහළම පිරිවැය කොළඹ දිස්ත්‍රික්කයේ රු. 18,044 ක් ලෙස වාර්තා වූ අතර අඩුම පිරිවැය මොනරාගල දිස්ත්‍රික්කයේ රු. 15,997 කි.
දරිද්‍රතා රේඛාව මූලික ආහාර සහ ආහාර නොවන අවශ්‍යතා සපුරාලීම සඳහා පුද්ගලයෙකුට අවශ්‍ය අවම වියදම නියෝජනය කරන අතර, උද්ධමනය සහ ජීවන වියදම් වෙනස්කම් පිළිබිඹු කිරීම සඳහා එය මාසිකව සංශෝධනය කෙරේ.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව, 2012/13 ගෘහ ආදායම් සහ වියදම් සමීක්ෂණය මත පදනම්ව නිල දරිද්‍රතා රේඛාව යාවත්කාලීන කරන ලදී. ජාතික පාරිභෝගික මිල දර්ශකය භාවිතා කරමින් මිල වෙනස්කම් සඳහා ගැලපීමෙන් දිස්ත්‍රික් නිල දරිද්‍රතා රේඛා නැවත ඇස්තමේන්තු කර ඇති බව දෙපාර්තමේන්තුව තවදුරටත් පැවසීය.
එම සම්පුර්ණ වාර්තාව සදහා පහත සබැදිය ක්ලික් කරන්න.