හවුල් වී ඉදිරියට යෑමට ශ්‍රී ලංකාව සුදානම් - AI රාජ්‍ය නායක සැසිය අමතමින් ජනපති කියයි[VIDEO]

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ වනවිට ඉන්දියාවේ නවදිල්ලි හි 'AI IMPACT SUMMIT 2026' සමුළුවට සමගාමිව පැවැත්වෙන රාජ්‍ය නායක සැසියට සහභාගී වී සිටියි. එහිදී රාජ්‍ය නායකයින් ඇමතූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, 'කිසිවෙකු අත්නොහැරෙන සේ, ආචාර්යධර්ම මුලික කරගත් කෘතිම බුද්ධිය පිළිබඳව පොදු වටිනාකම් බෙදාගනිමින් අනෝන්‍ය ලෙස ඉගෙන ගැනීමට සහ හවුල් වී ඉදිරියට යෑමට ශ්‍රී ලංකාව සුදානම් බවයි.

එමෙන්ම එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා,

"අපි විශ්වාසයෙන් හා නොපැකිළිව ක්‍රියාකළ යුතු මො‍හොතක් එළඹිලා තියෙනවා... මානව සංහතියේ සංස්කෘතික වටිනාකම් සහ හැකියාවන් ප්‍රවර්ධනයට AI තාක්ෂණය යොදා ගත යුතුයි. කිසිදු රටකට AI සඳහා සුදානම් අනාගතයක් තනිව ගොඩනඟා ගත නොහැකිය... කිසිවෙකු අත්නොහැරෙන සේ,ආචාරධර්ම මුලික කරගත් කෘතිම බුද්ධිය පිළිබඳව පොදු වටිනාකම් බෙදාගනිමින් අනෝන්‍ය වශයෙන් ඉ‍ගෙන ගැනීමට සහ හවුල් වී ඉදිරියට යෑමට ශ්‍රී ලංකාව සුදානම්..." යනුවෙන්.

පසුගියදා සඳුදා දින ඉන්දියාවේ නවදිල්ලි නුවරදී 'සියල්ලන්ගේ හිතසුව, සියල්ලන්ගේ සතුට' යන අරුතින් යුතුව 'සර්වජන් හිතාය, සර්වජන් සුඛාය' යන තේමාව යටතේ පවත්වන AI IMPACT SUMMIT 2026 ආරම්භ විය.

ජනපති අනුර සහ ඉන්දීය අගමැති අතර විශේෂ හමුවක්

ජනපති අනුර සහ ඉන්දීය අගමැති අතර විශේෂ හමුවක්

ඒ අගමැති නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන්. ඔහුගේ ආරාධනයක් අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද මෙම සමුළුවට සහභාගි විය.

එසේම AI IMPACT SUMMIT 2026 සඳහා නවදිල්ලි නුවරට පැමිණ සිටින රාජ්‍ය නායකයින් සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පිරිනමන ලද විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයට ඊයේ (18) දින රාත්‍රියේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාද එක්ව තිබුණා.

අනතුරුව සමුළුවේ ප්‍රධාන සැසිය අද දින පැවැත්වුණේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ජනාධිපති අනුර කුමාර දිසානායක, ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන්, බ්‍රසීල ජනාධිපති ලූලා ඩි සිල්වා ඇතුළු සෙසු රාජ්‍ය නායකයින්, මෙන්ම එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටෙරස් සහ ලෝකයේ ප්‍රධාන තාක්ෂණික සමාගම් සියයක පමණ ප්‍රධානීන්ගේද සහභාගිත්වයෙන් වීම විශේෂත්වයක්.

එක්සත් ජනපදයේ ප්‍රධානියෙක් දවස් ගාණකට ලංකාවට - හේතුව මෙන්න

එක්සත් ජනපදයේ ප්‍රධානියෙක් දවස් ගාණකට ලංකාවට - හේතුව මෙන්න

එමෙන්ම එහිදී සමුළුව ඇමතූ අගමැති මෝදි සඳහන් කළේ ලෝකයේ සෑම මිනිසුන් හය දෙනෙකුගෙන් එක් අයෙකුම නියෝජනය කරමින් ලොව විශාලතම තරුණ ප්‍රජාව ඇති ඉන්දියාව නූතන තාක්ෂණ ක්ෂේත්‍රයේ මධ්‍ය කේන්ද්‍රය වී ඇති බවයි.

පළමුවෙන්ම නව තාක්ෂණය නිපදවන්නේත්, ඉක්මනින්ම තාක්ෂණයට අනුගත වන්නේද ඉන්දියාව බවත් ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද දින පස්වරු‍වේ AI සැසිය ඇමතීමට නියමිතව ඇති බව සඳහන්.

ජනපති අනුර කුමාර ගැන ඇහෙන සුභ ආරංචිය මෙන්න - ජනතාවගේ මතය එළියට

ජනපති අනුර කුමාර ගැන ඇහෙන සුභ ආරංචිය මෙන්න - ජනතාවගේ මතය එළියට