වික්ටර්ට මොකද වුණේ? පනස් වසරක මිතුරා දයා විජේසේකර කියන කතාව මෙන්න
ඔව්නේ මචං... අර මගේ උගුරේ තිබ්බ අමාරුව අයින් කළානේ...’’”නැහැ මචං... දෙවියන් වහන්සේ අයින් කළානේ...’’එයා කැමති නම් උඹව බඳින්න, උඹ කැමති නම් එයාව බඳින්න, ඇයි යකෝ මේ හොරට ඉන්නේ... නීත්‍යනුකූලව කරන දෙයක් කරපන්
වික්ටර්ගේ සමදුක මිත‍්‍ර, දයා විජේසේකර වෙත, අප ඇමතුමක් ලබා දෙන්නේ, වික්ටර් රත්නායක නම් මහා ජාතික වස්තුව පිළිබඳව පැතිර පවත්නා, කතාව සහ ඒ වන විටත් සමාජ මාධ්‍ය ජාලා හි ප‍්‍රචාරය වෙමින් පවතින වීඩියෝවේ ඇත්ත නැත්ත පිළිබඳව, ඔහු දන්නේ කුමක්දැයි අසා දැන ගන්නටය. ඒ කතාව දික් ගැස්සී, වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා අපි ඔහුගේ නිවසට ගියෙමු. මාධ්‍යවේදියෙකු ලෙස දවස පුවත්පතේ සේවය කරන ලද ඔහු, අමාත්‍යංශ ගණනාවක රජයේ ජ්‍යෙෂ්ඨ පුවත් නිලධාරියෙකු ලෙස සේවය කළේය. පසුව ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් වරයෙකු, අමාත්‍යාංශ උපදේශකවරයෙකු ලෙස ද සේවය කරන ලද ඔහු, වික්ටර් සමග ලෙන්ගතු දයාවකින්, දශක ගණනාවක් අඛණ්ඩව කටයුතු කළේය. වික්ටර් දෙවැනි වරට, විවාහය සඳහා පිවිසෙන විට, ඒ සඳහා පිටත් වූයේ, ඔහුගේ දියණියගේ නිවසේ සිටය. එම කසාදයට වික්ටර් වෙනුවෙන් අත්සන් තැබුවේ දයාය. ඒ තරමට වික්ටර් - දයා මිත‍්‍ර සන්ථවය ප‍්‍රබලය. සිය මිතුරාට සිදු වූයේ කුමක්ද...? ඒ ප‍්‍රශ්නය සඳහා දයා විජේසේකර මහතා දුන් පිළිතුර මෙසේය.
ප‍්‍රශ්නය - ඔබට මුලින්ම වික්ටර් රත්නායක මහතා හමුවන්නේ කොහොමද...?
පිළිතුර - වික්ටර් රත්නායක මහතාව මම මුලින්ම දැක්කේ 1970 වසරේදී. එදා පත්වූ නව ආණ්ඩුව වෙනුවෙන් ‘ජනතා ජයග‍්‍රහණය’ කියලා, නිදහස් චතුරශ‍්‍රයේ උත්සවයක් පැවැත්වුණා. ඒ සඳහා ‘අරුණු රැසක්...
රැසක්...රැසක්...’ කියන ගීතය ඔහු ගායනා කළා. එදා තමයි, මම මුලින්ම ඔහුව දැක්කේ. හැබැයි මම ඔහුව හඳුනාගන්නේ, පේ‍්‍රමකීර්තිගේ මාර්ගයෙන්... පේ‍්‍රමකීර්ති ද අල්විස් සහ මම දවස පත්තරයේ එකට වැඩ කළා. දවසක් මම, පේ‍්‍රමකීර්ති හමුවීම සඳහා ඔහුගේ නිවසට ගියා. ඔහු එතකොට හිටියේ නුගේගොඩ, පාගොඩ පාරේ... පේ‍්‍රමකීර්ති ඒ වෙලාවේ වික්ටර්ගේ ගෙදර ගිහින්... ඊට ගෙවල් හතරක් එහායින් තමයි වික්ටර් හිටියේ. මම, පේ‍්‍රමකීර්ති හොයාගෙන එහෙට ගිහින් තමයි, මුලින්ම වික්ටර් හඳුනා ගන්නේ... ඒ, 1971 වසරේ විතර...
ප‍්‍රශ්නය - ඊට පසුව ඔබ සහ වික්ටර්, කුළුපග මිත‍්‍රයන් වෙනවා..,.
පිළිතුර - ඔව්... අපි දෙන්නා සහ පවුල් දෙක එකට ගමන් බිමන් යන තරමට මිත‍්‍ර වෙනවා, ඒ ගැන කියන්න දෙයක් නැහැ. අපි එක පවුලක් වගේ තමයි ජීවත් වෙන්නේ.