මුහුද රළු වීම පිළිබදව දැනුම් දීමක් සහිතව අවවාදාත්මක නිවේදනයක්.
පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමග දිවයිනේ මුහුදු ප්‍රදේශ කිහිපයක් වෙත කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව ජනතාව අවධානයෙන් පසුවිය යුතු බවයි හෙට (07) පස්වරුව දක්වා වලංගු වන පරිදි නිකුත් කර ඇති එම නිවේදනයේ දැක්වෙන්නේ.
මන්නාරම සිට කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ, ගිනිකොණ දිග සහ නිරිතදිග බෙංගාල බොක්ක සඳහා එම අවවාදාත්මක නිවේදනය නිකුත් කර තිබේ.
ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩුපීඩන කලාපය අද සවස් කාලය වනවිට බටහිරට බරව වයඹ දෙසට ගමන් කර එම මුහුදු ප්‍රදේශයේදීම පීඩන අවපාතයක් දක්වා සංකේන්ද්‍රණයවීමට ඉඩ ඇති බවයි අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
ඉන් අනතුරුව එය තවදුරටත් බටහිරට බරව වයඹ දෙසට ගමන් කර හෙට සවස් කාලය වනවිට ක්‍රමයෙන් සුළි කුණාටුවක් දක්වා වර්ධනයවී දෙසැම්බර් 8 වනදින වනවිට උතුරු තමිල්නාඩු - පුදුවේරි සහ දකුණු ආන්ද්‍රා ප්‍රදේශ් වෙරළට ඔබ්බෙන් නිරිතදිග බෙංගාල බොක්ක වෙත ළඟාවීමට ඉඩ ඇති බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.